Latestදේශීය

භූ කම්පන නිසා කොළඹ දැවැන්ත ගොඩනැගිලි අවධානම්: මහාචාර්ය අතුල සේනාරත්න

ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් බලපෑමට ඉඩ ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව පැවසුවා.

බස්නාහිර පළාතට මේ කම්පනය දැනී තිබීම නිසා බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට කිසියම් බලපෑමක් ඇති කිරීමට හැකි බවද විශේෂයෙන්ම උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කළ යුතු බවද අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

මෙම වර්ගීකරණයේදී පොළොවේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන විදියට මේ ගොඩනැගිලි නිර්මාණය කරල තිබේද? භූමි කම්පනවලට ගැළපෙන ආකාරයට  නිර්මාණය කර තිබේද? ඒ ගොඩනැගිලිවල පාදම ඒ නිසි ආකාරයෙන් නිර්මාණය කර ඇතිද යන කාරණා අධ්‍යයනය කර ඒ අනතුරුදායක ගොඩනැගිලි හඳුනාගෙන අනතුරුදායක තත්ත්වය මගහරවා ගන්න කටයුතු කිරීමට හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

මේ පිළිබඳ ලංකාවේ අවධානය යොමුවිය යුතු බවද  මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?