Latestදේශීය

09වන දිනටත් හිස්ව පවතින පොලිස්පති පුටුව

(ඉන්දිකා  රාමනායක)

 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුර කාලය  අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් පොලිසියේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පොලිසියේ  කටයුතු  සම්බන්ධයෙන් උපදෙස් දීමට, නියෝග දීමට, අනුමැතිය දීමට දින නවයක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැති කමින් මෙම තත්වය උද්ගත වී ඇති බව  එම ආරංචි මාර්ග කියයි.

මේ අතර නව  පොලිස්පතිවරයා පත්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේදී නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) පී.පී.එස්.එම්. ධර්මරත්න යන මහත්වරු ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව ඉදිරියෙන් සිටිති.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය ඉකුත් 26 වෙනිදා අවසන් වීම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ තිබූ ඔහුගේ බඩු බාහිරාදිය ද ඉවත්කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020  නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3 ක සේවා දිගුවක් දෙනු ලැබීය.

එම සේවා දිගුව ද ඉකුත් 25 වැනිදායින් අවසන් විය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?