Latestවිදේශීය

ඇමරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ – රුසියාවේ බරපතල විරෝධය

යුක්‍රේනයට පොකුරු බෝම්බ යැවීම සඳහා ඇමරිකාව විසින් ගෙන ඇති තීරණය අනුමත කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව බීබීසී වාර්තා කරයි.

යුද්ධය සඳහා යුක්‍රේන හමුදාව සතු අවි බලය සෙමෙන් අඩු වන බව ද වාර්තා වන අතර, යුක්‍රේන නායක වොලැදිමීර් සෙලෙන්ස්කි විසින් ඩොලර් මිලියන 800 (පවුම් මිලියන 626) වටිනා යුධෝපකරණ පැකේජය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර ඇති බව ද සඳහන් වෙයි.

පසුගිය සතියේ යුක්‍රේන හමුදා ප්‍රධානී වැලරි සලුසීනි ප්‍රකාශ කර තිබුණේ, ප්‍රමාණවත් ආයුධ බලයක් නොමැති නිසා යුද්ධයේ තත්ත්වය අඩපණ වී ඇති බවත් බටහිර විසින් පොරොන්දු වූ ආයුධ ලබා දීම ඉතා මන්දගාමී ව සිදු වන්නක් බවත් ය.

කෙසේ වෙතත් මෙම පොකුරු බෝම්බ දැනටමත් රටවල් 120කට අධික සංඛ්‍යාවක තහනම් කරන ලද ආයුධ විශේෂයකි.

නමුත් අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සිකුරාදා පැවති ධවල මන්දිර සාකච්ඡාවේ දී අවධාරණය කර ඇත්තේ, ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබා දුන් පොකුරු බෝම්බ රුසියාව විසින් දැනටමත් යුද්ධය සඳහා භාවිත කරන පොකුරු බෝම්බ තරම් භයානක නොවන බව ය.

ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පවසන්නේ, මෙම තීරණය හරහා සිවිල් වැසියන්ට ඇති විය හැකි අවදානම සලකා මෙතෙක් කල් මෙම තීරණය ගැනීම ප්‍රමාද කළ බව ය. 

මෙම ගැටුම අතරතුර කිසිවිටකත් අමෙරිකාව යුක්‍රේනය තනි නොකරන බව ද ඔහු අවධරාණය කර ඇත.

කෙසේ වෙතත් ලබන සතියේ ලිතුවේනියාවේ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට පෙර මෙම තීරණය පිළිබඳ මිත්‍ර පාක්ෂිකයන් සමඟ කතා බහ කළ යුතු බව ජෝ බයිඩන් සීඑන්එන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

නමුත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්‍යාලයය වෙනුවෙන් අදහස් දැක්වූ මාර්තා හතාඩෝ සඳහන් කරන්නේ, මෙම පොකුරු බෝම්බ භාවිතය වහාම නැවැත්විය යුතු බවත් ඒවා කිසිදු ස්ථානයක භාවිත නොකළ යුතු බවත් ය.

එක්සත් ජනපදයේ රුසියානු තානාපතිවරයා ද ජෝ බයිඩන්ගේ මෙම තීරණය පිළිබඳ විවේචනාත්මක අදහස් පළකර ඇත.

අමෙරිකාවේ වරදින් අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අසාර්ථක යුදෝපකරණවලින් පුපුරායාමේ අවදානමක් ඇති බව ඔහු අවධාරණය කරයි.

කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන බාබරා ලී සහ මිනසෝටා ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන බෙටී මැකලම් ද මෙම තීරණය දරුණු අත්වැරැද්දක් බව පවසා ඇත.

මැසචුසෙට්ස් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ජිම් මැක්ගවර්න් පවසන්නේ, මෙම ගැටුම් අවසන් වී බොහෝ කලකට පසුවත් මෙවැනි යුධෝපකරණවලින් සිවිල් වැසියන්ට ඇති අවදානම නැති නොවන බවය.

නේටෝ මිලිටරි සන්ධානය පොකුරු බෝම්බ සම්බන්ධයෙන් කිසිදු ස්ථාවරයක් නොගත් බව නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසා ඇත.

February 24, 2022, Kyiv, Ukraine: A photo provided by the Ukrainian President’s office appears to show an explosion in the capital city of Kyiv early Thursday, February 24. Ukrainian President’s Office (Credit Image: © ROPI via ZUMA Press)

එවැනි උපකරණ භාවිතා කිරීම, නිෂ්පාදනය කිරීම, මාරු කිරීම හෝ ගබඩා නොකිරීමට එකඟ වෙමින් පොකුරු බෝම්බ පිළිබඳ සම්මුතියක් පැවතුණ ද එක්සත් ජනපදය, යුක්රේනය සහ රුසියාව ගිවිසුමේ පාර්ශවකරුවන් නොවන බව ඔහු සඳහන් කරයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?