Latestක්‍රීඩාදේශීය

ගයන්තිකා පදක්කම් බලාපොරොත්තුවක් සමග හෙට තරගබිමට

කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩිකාව වන ගයන්තිකා අබේරත්න හෙට තායිලන්තයේ බැංකොක් නුවර ආරම්භ වන 25 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවයේදී ශ්‍රී ලංකා වේ පළමු දින ප්‍රභලම පදක්කම් බලාපොරොත්තුව ලෙස තරගවැදීමට නියමිතයි.

දහතුන්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන ගයන්තිකා හෙට පැවැත්වෙන කාන්තා මීටර 1,500ය ඉසව්වට සහභාගි වන අසියානු කළාපයේ ප්‍රබල ක්‍රීඩිකාවන් අතරද අත්දැකීම් බහුලම ක්‍රීඩිකාවයි.

මින් පෙර ආසියානු ශූරතා තරගාවලි පදක්කම් ජයග්‍රහණ ලබාඇති ගයන්තිකා මෙම තරගවාරයේ මීටර 1,500යේ හොඳම කාලය ලෙස විනාඩි 4යි තත්පර 12.50ක කාලයක් වාර්තා කරගෙන තිබෙන අතර එය මෙම තරගයට සභාගිවන ක්‍රීඩිකාවන් මෙම තරගවාරයේ වාර්තා කර ඇති කාලයන් හා සැසඳීමේදී දෙවෙනි වනුයේ ජපාන ක්‍රීඩිකා නොසෝමි ටනාකාගේ 4:08.30 ක කාලයට පමණක් වීම කැපී පෙනෙනවා.

මෙම තරගාවලිය 2017 වසරේ ඉන්දියාවේදී පැවති අවස්තාවේදී මීටර 800 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ගයන්තිකා 2019 වසරේදී කටාරයේ දෝහා නගරයේදී පැවති ආසියානු ශූරතාවයේදී මීටර 800න් හතරවන ස්ථානයට පත්වුණා. නමුත් පසුව එම තරගයේ රන් පදක්කම දිනූ ඉන්දියානු ක්‍රීඩිකා ගෝමතී මාරිමුත්තු තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් තහනමට ලක්වීමත් සමග ගයන්තිකා හට ලෝකඩ පදක්කම හිමිවුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?