Latestදේශීය

ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසනවා.

මේ වනවිට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉදිරියේදී ත්‍රිපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වග කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අවුරුද්දේ මේ වන විට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදාහැර ඇති අතර ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක අහාර සංවිධානය විසින් ලබා දෙමින් පවතින බවද සඳහන්.

ශ්‍රිලංකාවේ ගැබිණි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, දරුවන්ට ලබාදෙන බොහොම පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රිපෝෂ සහ සුපෝෂ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවා.

වසර වසර 50කට අධික කාලයක් තිස්සේ ශ්‍රිලංකික ජනතාවට මෙම පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රිපෝෂ ලබාදී තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ත්‍

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?