Latestවිදේශීය

පැන්ඩා සත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන්

දකුණු කොරියාවේදී පළමුවරට පැන්ඩා සත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන මෙම පැන්ඩා මව බිහි කර ඇති පැටවුන් දෙදෙනාම ගැහැණු සත්වයින් බවයි සඳහන් වන්නේ.

මොවුන් පැය ගණනක පරතරයකින් උපත ලැබූ අතර එක් පැටවෙකුගේ බර 180g වන අතර අනෙක් පැටවාගේ බර 140g බව විදෙස් මාධ්‍ය පවසනවා.

Everland theme park සත්වෝද්‍යානය පවසන්නේ Ai Bao නැමැති පැන්ඩා මවත් පැටවුන් දෙදෙනාත් සුවෙන් සිටින බවයි.

https://www.bbc.com/news/av-embeds/66172308 අද්විතීය සත්වයෙකු ලෙස සලකන යෝධ පැන්ඩා, සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් මෙය ජාත්‍යන්තර රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?