Latestවිදේශීය

සංක්‍රමණිකයන් 36 කට ජීවිත අහිමි වෙයි

කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ උදව් ලබා ගැනීම සඳහා බෝට්ටුවක පැය 10ක කාලයක් බලා සිටි සංක්‍රමණිකයන් 36ක් මිය යාම සම්බන්ධයෙන් බලධාරීන්ට චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන් මෙලෙස ගිලී මිය ගොස් ඇත්තේ නොසැලකිලිමත්කම නිසා බවත් ,දිවි ගලවා ගැනීම සඳහා උපකාර ලබා නොදීමත් ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇති බවට චෝදනා කරමින් Canaria හි නඩු පවරන්නන් විසින් නඩු ගොනු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

පසුගිය ජුනි මාසයේදී පිම්බෙන බෝට්ටුවකින් දූපත් වෙත ළඟා වීමට උත්සාහ කිරීමේදී පුද්ගලයින් 36 දෙනෙකු මෙලෙස දියේ ගිලී මිය ගොස් තිබුණා.

මෙම බෝට්ටුව අනතුරට ලක්වී ඇති බව ස්පාඤ්ඤ ගලවා ගැනීමේ ගුවන් යානයක් විසින් දැකීමෙන් පැය 10කට පසුව පමණ මුර සංචාර බෝට්ටුවක් පිටත් කර යවා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සතිය මුලදී කැනරි දූපත් වෙරළට ඔබ්බෙන් වූ ස්පාඤ්ඤ වෙරළාරක්ෂක භටයින් විසින් පුද්ගලයින් 86 දෙනෙකු බේරා ගත් අතර සති දෙකකට පෙර සෙනගාලයෙන් පිටත් වූ බෝට්ටු තුනක සිටි පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් තවමත් මුහුදේ අතුරුදහන් වී සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?