Latestදේශීය

මෙරට බළලෙක් සදහා යුරෝපයේ ලක්ෂ 3කට එහා මිළක්

ප්‍රංශයේ සතුන් පිළිබඳ පලවූ සත්ව විද්‍යා වාර්තාවකට අනුව ලංකාවේ ජිවත්වන ගෘහස්ථ බළලුන් පුරාණ ඊජිප්තුවේ Felis chaus නම් බළල් පවුලට අයත් වේ. ඔවුන්ගේ සම්භවය සිදු වී ඇත්තේ නැව්වලින් ශ්‍රී ලංකාවට පැමිණි බළලුන් හා ශ්‍රී ලංකාවට ආවේණික බළලුන් අතර පරම්පරාවන් රාශියක් අතර සිදු වූ මිශ්‍ර වීමක ප්‍රථිපලයකිණි. ඔවුන් යුරෝපයට සංක්‍රමණය වී ඇත්තේ 80 දශකයේදී යයි විශ්වාශ කරන අතර මෙම සතුන් ඇමරිකාවේ හා යුරෝපයේ ජිවත් වූ බවට සාක්ෂි නැති බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ බළලුන් ඔවුන්ටම අවේනික චරිත ලක්ෂණ හේතුවෙන් ලෝකයේ අනෙකුත් බළල් විශේෂයන්ට වඩා වෙනස් චරිත ලක්‍ෂණ පෙන්නුම් කරති.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බළලුන් ඉතාමත් ජව සම්පන්න හා ක්‍රියා ශීලි සත්ව පිරිසක් වන අතර ඔවුන් දිනපතා එලි මහනෙ ඇවිදීමට හා රිබන් පටි සමග සෙල්ලම් කිරීමට දැඩි ප්‍රිය තාවයක් දක්වයි. කුඩා ළමුන් සමග සෙල්ලම් කිරීමටද නිරතුරුවම කැමැත්තක් දක්වන අතර වෙනත් ඕනෑම සත්වයෙක් සමග ඉතා ඉක්මනින් මිතුරු වේ. තනිව ජිවත් වීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලංකාවේ බළලා තම මිනිස් සමීපතමයන් සමග ස්පර්ශ වෙමින්, සෙනෙහෙබර වීමට හා ආදරය පෙන්වීමට ආශාවක් දක්වයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බළලුන් හා ලෝකයේ අනෙකුත් බළල් විශේෂයන් පිළිබඳව පරීක්ෂණ සිදුකළ මෙම සත්ව විද්යාඥයයින් නිගමනය කරනුයේ ලෝකයේ සෑම බළලෙක්ම ඔවුන්ටම ආවේණික වූ චරිත ලක්‍ෂණවලින් යුක්ත වන අතර හා ඒවා ඔවුන් ජීවත්වන පරිසරය හා ලබා දෙන අධ්‍යාපනය සමගද වෙනස් වේ. ඒ මත ඔවුන්ගේ ශරීර ලක්ෂණද විපර්යාසවලට භාජනය වේ.

ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරනුයේ ශ්‍රී ලංකාවේ බළලුන්ගේ පසු පාද, ඉදිරි පාදවලට වඩා ලෝකයේ අනෙකුත් විශේෂයන්ට වඩා දිගු වන අතර සාමාන්‍ය බර කිලෝ 05ක් පමණ වන බවය. ඔවුන් සිහින් වන අතර මාංශ පේශි අවශ්‍ය තරමට එතරම් වර්ධනය වීමක් සිදු වන්නේ නැත. ඔවුන්ගේ සමේ පාට වයිරම් ස්වභාවයක් ගනු ලැබේ. හිස වටකුරු වන අතර විශාල උඩු රැවුල් වලින් හා පුළුල් වූ කන් ඇති ශ්‍රී ලංකාවේ බළලුන්ගේ උස 30-35cm අතර වේ.

ඔවුන් අවුරුදු 15ක ආයු කාලයක් ජිවත් වේ. වෙනත් ලෝකයේ ගෘහස්ථ බළලුන්ට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ බළලුන් විශේෂිත රෝගවලින් පෙලීමක් වාර්තා නොවේ. නමුත් ප්‍රමාණාත්මක සනීපාරක්ෂාවක් නොමැති විට මැලියම් බැඳීම්, විදුරු මස් දියවීම වැනි දන්ත රෝගවලට ගොදුරු වීමේ ඉඩක් පවතී. ඔවුන් මහත් නොවන විශේෂයක් වන අතර සීතලට වඩා උණුසුමට ප්‍රිය කරති.

අවසාන වශයෙන් ප්‍රංශ විද්යාඥයයින් තම පරීක්‍ෂණ වාර්තාවෙන් පවසා සිටිනුයේ ශ්‍රී ලංකාවේ බළලුන්ගේ ඇති මෙම විශේෂ ලක්ෂණ සහිත බව යුරෝපයේ හා ලෝකයේ එතරම් ප්‍රකට කාරණයක් වී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ හෝ යුරෝපය තුළ මෙම බළලුන් වෙළඳ අරමුණු ඉලක්ක කරමින් නැවත අභිජනනය කිරීමක් සිදු නොවන නමුත් යුරෝපයේ බළලුන් පිලිබඳ මිල ඇස්තමේන්තු කරන සුප්‍රකට වේබ් අඩවියක් වන LOOF (livres officiel félines) සමාගම ශ්‍රී ලංකාවේ බළලුන් යුරෝ 1,500ක (රුපියල් ලක්‍ෂ 05ක 06ක) මුදලකට ලෝක වෙළඳ පල තුළ විකිණිය හැකි බව පෙන්වා දෙයි.

මෙම මිල උපුටා දක්වමින් මෙම සත්ව විද්යාඥයයින් පුළුල් වූ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් තව දුරටත් අවධාරණය කරනුයේ ශ්‍රී ලංකාවේ බළලුන් යුරෝ 1,000 සිට 2,000 දක්වා මුදලකට ලෝක වෙළඳ පල තුළ විකිණිය හැකි බවයි. ඔවුන්ට ගුණාත්මක ආහාර ලබාදීම සඳහා මසකට යුරෝ 40ක මුදලක් වැය කළ යුතුව ඇත.

ඒ අනුව මේ වනවිට දැවැන්ත ආර්ථික අර්බුධයක මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට විදේශ සංචිත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බළලුන් අපනයනය සුරතල් මසුන් සේම හොඳ අනාගත ආයෝජනයක් වනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. එසේම ශ්‍රී ලංකාවේ මේ වනවිට පාරවල්වල දමා ගොස්, වාහනවලට යටවෙමින්, ගුටි කමින්, වද හිංසාවලට ලක් වෙමින් අසරණ ජීවිත ගත කරන බළල් ප්‍රජාවටද මෙය ඉතා අගනා පණිවිඩයක් වනු ඇත. (figaro science ඇසුරෙන්)

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?