Latestවිදේශීය

දකුණු කොරියාවට ගංවතුර තත්ත්වයක්

මධ්‍යම දකුණු කොරියාවේ චියොන්ජු නගරයේ දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.මේ හේතුවෙන් උමං මාර්ගයක සිරවී සිටි ජනතාව බේරාගැනීමට එරට සහන කරුවන් ක්‍රියාත්මක වී ඇති අතර එහිදී 13 කගේ සිරුරු සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම උමං මාර්ගය දිගින් මීටර් 685 ක් වනවා. එය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර කොපමණ සංඛ්‍යාවක් එහි සිරවී ඇත්ද යන්න නිලධාරීන් තවමත් අනාවරණය කරගෙන නැහ.මෙහු වාහන 15 ක් තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරනව.

පසුගිය සතිය තුළ ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අධික වර්ෂාපතනය හේතුවෙන් දකුණු කොරියාවට ගංවතුර බලපෑම් , නායයෑම් සහ විදුලියද විසන්ධි වී තිබෙන බවයි වාර්තා වන්නේ

අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බවද බලධාරීන් පවසනවා

උතුරු Chungcheong හි Goesan වේල්ල පිටාර ගැලීමට පටන් ගැනීමෙන් පසු පදිංචිකරුවන් 6,400 ක් පමණ ඉවත් කර ඇති බවද සඳහන්.

වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක් මෙන්ම මාර්ග රැසක්ද ජලයෙන් යටවීම නිසා ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටින බවයි පැවසෙන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?