Latestදේශීය

ජනතාව සමග සාකච්ඡා කර බලය ක්‍රියාත්මක කරනවා – කරූ පරනවිතාන

දේශපාලන බලය ලබාගැනීමෙන් පසු ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව සමග සාකච්ඡා කරන බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

මෙතෙක් සියලු දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වූයේ එවැනි ක්‍රමවේදයක නොවන බව දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා පවසයි.

මේවනවිට රට අර්බුදයකට ලක්ව තිබේ. එය දේශපාලනික සහ ආර්ථික ලෙස වර්ග කළ හැකිය.

ආර්ථික වශයෙන් රට බංකොලොත් වී තිබේ. බදු වැඩිවීම, රැකියා අහිමි වීම, වැඩබිම් වැසී යාම ආදිය ද ඒ නිසා උත්පාදනය වූ අසහනකාරී හැඟීම්වලින් ද ජනතාව පීඩාවට පත්ව සිටිති. රජයක් ලෙස, රාජ්‍ය ආදායම අඩුවී තිබේ.

විදේශ ණය පියවීමේ අර්බුදය සහ වියදම් පියවා ගැනීමේ නොහැකියාව ද රට මුහුණ දී ඇති අභියෝගයකි. මෙවැනි තත්ත්ව මත පරිපාලනයට මහජන විරෝධයක් එල්ල වෙයි.

දිගු කාලයක් පවුල්වාදය සහ ගජමිතුරුවාදයෙන් ජනතාව පීඩනයට පත්වීම ඊට හේතුවයි. දූෂණය, අල්ලස, නොහැකියාව ආදී සාධක ද දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි ජන විශ්වාසය බිඳවැටීමට හේතුවී ඇතැයි පරණවිතාන මහතා පෙන්වා දෙයි. ඒ අනුව අර්බුදවලට විසඳුම් ලබාදීමේ අවස්ථාවකට රට මුහුණ දී තිබේ.

එහෙත් වෙනත් දේශපාලන කණ්ඩායම් බලය ලබාගැනීමේ අරමුණෙන් පමණක් ක්‍රියාකරයි. එහෙත් එක්සත් ජනරජ පෙරමුණ, බලයට පත්වන ඕනෑම පාර්ශවයකට ක්‍රියාවට නැංවිය හැකි අවම පොදු වැඩපිළිවෙළක් දේශය වෙනුවෙන් එක්වන පියවරක් ලෙස හඳුන්වාදීමට තීරණය කළේය. එය වර්තමාන පීඩනයෙන් ජනතාව මුදා ගැනීමේ පියවරකි.

ඒ පිළිබඳ ජනතාව සමග අදහස් හුවමාරු කර ගැනීම ද පෙරමුණේ අපේක්ෂාවකි. ඒ සඳහා සියලු පාර්ශ්ව එක්විය යුතු බව ද පරණවිතාන මහතා, පොදු යෝජනාවලිය ජනගත කිරීමේ හමුව අමතමින් ප්‍රකාශ කළේය.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?