Latestවිදේශීය

ඇමරිකාව මැදපෙරදිග සමග සාකච්ඡා කිරීමට සැරසේ

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජෝර්දානයේදී පැවැත්වෙන එම සාකච්ඡාවට කටාර්, සෞදි, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම පලස්තීන නියෝජිතයෙකු ද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත අතර එම සාකච්ඡාවට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජොර්දාන රජු හමුවීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

ගාසා තීරයේ මානුෂිය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීම සඳහා ඊශ්‍රායලයට ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන් අනතුරුව එලෙස ජොර්දානයට පැමිණ තිබේ.

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් සියලු ඊශ්‍රායල් වැසියන් මුදාහරින තෙක් සටන් විරාමයක් සඳහා එකඟ නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?