Latestදේශීය

විදුලි බිල 30%කින් අඩුකළ හැකියි, අඩුකළ යුතුයි – නලින්ද ජයතිස්ස

(යොහාන් භාසුර)

මහජන උපයෝගිතා කොමිසම 2002 අංක 35 දරණ පනතින් ස්ථාපිත කළේ මහජනතාවට සේවය කිරීමට මිස වෙනත් ආයතන වෙනුවෙන් පෙනී සිටීමට නොවන බවත් මහජන උපයෝගිතා කොමිසම සමස්තයක් වශයෙන්ම ජනතාව වෙනුවෙන්ම පිහිටුවූ ආයතනයක් බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද (15) පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අද (15) පැවැත්වූ මහජන අදහස් විමසීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය.

එම කොමිසම පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලය දුන් වැරදි පුරෝකථන සහ වැරදි දත්ත මත පදනම්ව කටයුතු කළ බව කී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇත්ත වශයෙන්ම මහජන උපයෝගිතා කොමිස විදුලිබල මණ්ඩලය දෙන ඕනෑම දෙයකට සීල් එක ගහන ආයතනයක් ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තුව සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඉලක්කම දෙස බැලීමේදී එය කළ හැකි යැයි කරුණු ජාතික ජනබලවේගය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බවත් ජයතිස්ස මහතා වැඩි දුරටත් කීය. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?