Latestදේශීය

කෙහෙළිය වහා අත්අඩංගුවට ගත යුතුයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වෙල්ල අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසිබලය සංවිධානය විසිනි.

එන්නත් වංචාවට සම්බන්ධ ප‍්‍රබලයන් අත්අඩංගුවට ගැනීම තවදුරටත් ප්‍රමාණ කරන්නේ කුමන හේතුවක් මතදැයි එහි සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත මහතා ප‍්‍රශ්න කලේය.

මේ අතර ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය හමුවකදී පවසා තිබුනේ රුපියල් බිලියනයකට වැඩි මෙම වංචනික ක්‍රියාව පිටුපස සිටින ප්‍රධාන වගකිවයුත්තා වන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යූතු බවයි.

ඉන්දීය සමාගමක නමක් හෝ ලිපිනයක් නැති ව්‍යාජ ලේඛණ සකසා මෙරට සමාගමක් හරහා සිදුකර ඇති මෙම වාංචනික ක්‍රියාවට එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කළ යුතුව ඇතත් තවමත් රඹුක්වැල්ලට දේශපාලන රැකවරන ලබා දෙමින් පරිසර අමාත්‍යංශය ලබාදීම රජයේ දූෂිතභාවය මොනවාට විදහාපාන බව ජයතිස්ස මහතා වැඩිදුරටත් පවසයි.

නලින්ද ජයතිස්ස මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව පහතිත්

https://fb.watch/p1xBLTFql4/?mibextid=Nif5oz

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?