Latestදේශීය

බන්දුලගේ ඇමතිගමත් ගහල යන ලකුණු

ශ්‍රී ලංකාවට ආවේනික පඬු කරඳ ශාකය කැබිනට් තීරණයක් අනුව බව කියමින් හොර රහසේම ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවෙන් මිදීමට ඇතැම් භික්ෂූන්වහන්සේලා උපයෝගී කරගනිමින් ගෙනයන ප්‍රචාරය හමුවේ තව දුරටත් විරෝධය වැඩි වී වෙනත් ඇමති කමකට මාරු කිරීම දක්වා සංවාදයක් ඇති වී තිබේ.

පඬු කරඳ ශාකය ඉවත් කිරීමෙන් පසුව (16) කතරගම කෞතුකාගාර පරිශ්‍රයේ එම ශාක පැල රෝපනය කිරීමේ ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කර තිබිණි. එම අවස්ථාවට සහභාගී වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ යොදාගනිමින් ප්‍රකාශයක් කරවාගෙන ඇති අතර රාජ්‍ය මාධ්‍ය තුළින් එයට විශාල ප්‍රචාරයක්ද ලබා දී තිබිණි. “පඬු කඳ ගස කපා ඉවත් කිරීමේ කිසිදු වරදක් නෑ – අධිවේගී මාර්ගවලින් මිනිසුන්ට සිදුවන්නේ විශාල මෙහෙවරක්” යන සිරස්තලයෙන් දිණමින පුවත්පතේ පල කළ ප්‍රවෘත්තිය ඇමතිවරයාට අදාල ආකාරයට සංස්කරණය කරනලද්දක් බව අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් සංඝනායක හිමියන් දැඩි අප්‍රසාදය පල කර ඇතැයිද මෙම තත්වය මත ජනමාධ්‍ය ඇමති ධුරයෙන් බන්දුල ගුණවර්ධන ඉවත් කිරීම දක්වා ආණ්ඩුව අභ්‍යන්තරයේ සංවාදයක් ඇති වී තිබෙන බවද අනාවරණය වේ. සමාජ මාධ්‍යයද බන්දුල ගුණවර්ධනට ඇමති ධුරය අහිමි වීමට ඉඩ ඇති බවට මත පලකර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?