Latestදේශීය

ජේ ආර් මාමාගේ බල වියරුවට රනිල් බෑනා නැවතත් පණදෙයි – සාලිය පීරිස්

රාජ්‍ය බලය අත්තනෝමතිකව මෙහෙයවමින් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු ජනතා අයිතීන් යටපත් කළ බලවියරුවෙන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති යන දෙදෙනාගේ කටයුතු සන්සන්දනය කරමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කරුණු ගණනාවක් හෙළි කරනු ලැබීය.

කොළඹදී පවත්වනලද විවෘත සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ ජේ.ආර් ජයවර්ධන අගමැති සමයේ අධිකරණ පද්ධතියට පරිබාහිරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිණිසුරු ලෙස පත් කළ නෙවිල් සමරකෝන්, අධිකරණයේ ස්වාධීනත්වය රැකගනිමින් දිගින් දිගටම ක්‍රියා කළ බවය. තම ජනාධිපති බලතල යොදවාගත් ජේ.ආර් ජයවර්ධන කලවානට නීතිවිරෝධී ලෙස සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මන්ත්‍රීවරු දෙදෙනෙකු පත් කිරිම සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වන සංශෝධනය හඳුන්වාදීමට ක්‍රියා කළ බවද එය සම්මත කර ගැනීමටනම් ජනමත විචාරණයක් අවශ්‍යවන්නේ යැයි අගවිණිසුරු නෙවිල් සමරකෝන් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 1981 දෙසැම්බර් 26 වන දින තීන්දු කළ බවද පෙන්වා දෙනු ලැබීය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ සති දෙකක් පුරා වැඩබල පොලිස්පතිවරයෙකු හෝ පත් නොකර සිටීම, ස්වාධී කොමිෂන් සභා මර්ධනය කිරීම සඳහා විධායකයේ සහ ව්‍යවස්ථාධායකයේ විවිධ ක්‍රියාමාර්ග අනුගමණය කිරීම, හොර රහසේම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගෙන ඒම සහ ජනතාවට වසං කරමින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරණය කිරීම යනාධී කටයුතු සිදුකරණ ආකාරය පෙන්වා දී තිබේ.

ජනාධිපත නීතීඥවරයාගේ මෙම කරුණු දැක්වීම තුළින් ජේ.ආර් ජයවර්ධන ගෙනගිය ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගෙනයාමට රනිල් වික්‍රමිසිංහ උත්සාහ කරන ආකාරයත් එයින් ජනතාව පීඩාවට පත්වන ආකාරයත් මැනවින් හෙළි කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?