Latestදේශීය

පොස්පේට් නිධිය තුළ සැගවී ඇති අගය අපි දන්නේ නැහැ – පද්මසිරි මූණමලේ

“පොස්පේට් නිධිය යොදාගෙන පෝසිලේන් භාණ්ඩ නිෂ්පාදනයටත් යොදාගැනීමේ හැකියාව තිබෙනවා. මේ දක්වා සොයා නොගත් බොහෝ වටිනාකම් අපේ සම්පත්වල තිබෙනවා. පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මේ දක්වා සොයා නොගත් වටිනාකම් විශාල ප්‍රමාණයක් අනාගතයේදී සොයා ගැනීමේ හැකියාව තිබෙනවා.” යැයි පරිසරවේදී පද්මසිරි මූනමලේ අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ පරිසරවේදියෝ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරිසරවේදී පද්මසිරි මූනමලේ දැක්වූ අදහස්,

“අපේ රටේ ආහාර භෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඉතාම අසීරු අවධියක පසුකලා. කාබනික ගොවිතැන ගැන කතා කරලා, බරපතළ ප්‍රශ්න ඇතිකර, පොහොර නැවක් එනතුරු අපි මඟ බලා සිටියා. අපේ රටේ තිබෙන මහඟු සම්පත් රටේ ජනතාවගේ එදිනෙදා ජීවිත පවත්වාගෙන යාමට යොදා ගන්නේ කෙසේද යන්න ගැන මේ රටේ විද්‍යාඥයන් පර්යේෂණ කර තිබෙනවා. පොහොර තහනම ඇති කිරීමට පෙර සුපර්පොස්පේට් නිෂ්පාදනයට අපේ ඛනිජ සම්පත යොදාගෙන තිබුණා නම්, අපි ඉන්නේ වෙනස් තැනක. නමුත් මේ වටිනා සම්පත අපේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගන්න නිසි ක්‍රමවේදයක් පැවැති ආණ්ඩු කිසිවකින් සකස් කර නැහැ. පොස්පේට් නිධිය යොදාගෙන පෝසිලේන් භාණ්ඩ නිෂ්පාදනයටත් යොදාගැනීමේ හැකියාව තිබෙනවා. මේ දක්වා සොයා නොගත් බොහෝ වටිනාකම් අපේ සම්පත්වල තිබෙනවා. පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මේ දක්වා සොයා නොගත් වටිනාකම් විශාල ප්‍රමාණයක් අනාගතයේදී සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ පර්යේෂණ ස්ථානවල ශ්‍රී ලාංකිකයින් ඉතා කීර්තිමත් විශිෂ්ටයන් වී නව පර්යේෂණවල යෙදී සිටිනවා.

මේ දැනුම යොදාගෙන අප මෙතෙක් සොයා නොගත් විශාල වටිනාකම් ප්‍රමාණයක් අනාගතයේදී සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ජනතාවට අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් දැනුවත් වී මෙය ආරක්ෂා කර ගන්න කියලයි. වර්තමානය ගැන විතරක් හිතලා වෙනත් රටවලට අමුද්‍රව්‍යයක් හැටියට ගෙන යන්න ඉඩසලසා දීමෙන් සමස්ත පරිසර පද්ධතියම විනාශ වීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මෙ ප්‍රදේශයේ ජනතාවගේ සංස්කෘතික පැවැත්ම විනාශ වී සමාජ ව්‍යසනයකටත් මුහුණ දිය හැකියි. ජාතික ජන බලවේගයේ පරිසරවේදියෝ හැටියට අපි අපේ විද්‍යාත්මක දැනුම ලබාදී මේ සම්පත දියුණු කර ගන්න ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයන් සමග එක්ව වඩාත් තිරසරව හා බුද්ධිමත්ව කටයුතු කිරීම අපේක්ෂාවයි. තිරසර සංවර්ධන ඉලක්ක කරා රට මෙහෙයවීමට අපි සියලු දෙනා නිසි අවධානයෙන් කටයුතු කළ යුතුයි.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?