Latestවිදේශීය

ඊශ්‍රායෙල් හමුදාව විරෝධතාකරුවන් සමග එක්වේ

ඊශ්‍රාලයේ වර්තමාන අගමැති බෙන්ජමින් නෙතනියාහු නායකත්වය සපයන ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල සීමා කරමින් (24) සම්මත කර ගන්නා ලද පනතට එරෙහිව රට පුරා ඇවිල යන විරෝධතා රැල්ලට යුද හමුදා ස්වේච්ඡා බලකායේ දහස් ගණනක් එක්වී ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා පනත්වල යුක්ති සහගතභාවය පිළිබඳව විශේෂයෙන් ශේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රශ්න කිරීමට මේ දක්වා තිබූ අවකාශය අහිමි කරන පනතක් මෙයට මාස 4කට පමණ පෙර නෙතනියාහුගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබීය. එයට එරෙහිව ප්‍රබල විරෝධතා පැන නැගුණු අතර ඒ හමුවේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම වරින් වර කල් දැමීමට සිදුවිය. අවසානයේ ඊයේ එය සම්මත කර ගත්ත ද, එරට ටෙල් අවීව් අග නගරයට රැස්වූ අති විශාල ජනකායක් සමඟ ස්වේච්ඡා බලකායේ දහස් ගණන් දෙනා ද එක් වී සිටිති. ඊට අමතරව අධිවේගී මාර්ග හරස් කර විරෝධතා පැවැත්වූ අතර සමස්තයක් ලෙස රට පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

අගමැති බෙන්ජමින් නෙතනියාහුගේ ආණ්ඩුව අනුගමනය කරන මෙම ක්‍රියාමාර්ග පිළිබඳව ඇමරිකාව ද කනස්සල්ල පළ කර ඇති අතර ජනතා උද්ඝෝෂණ සමඟ යුද හමුදා ස්වේච්ඡා බලකායේ දහස් ගණනක් එකතුවීම එරට ආරක්ෂක අංශ තුළද දැඩි ආතතියක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?