Latestදේශීය

“ශලනි” මාතෘකාවෙන් සියලු ක්‍රිකට් මගඩි යටගහන ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අවභාවිතාවන් සහ ඉහළ නිලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් සියල්ල, රංගන ශිල්පිනී ශලනි තාරකා සහ ඒ. එස්. එදිරිසිංහ පිටින් දමා ජනතාව නොමග යැවීමේ ප්‍රචාරක සැලසුමක් දියත් කර තිබේ.

මේ බව හෙළිවන්නේ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ උප සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු නිලධාරීන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශ තුළිනි. ඔවුන් මූලික කරුණු කිහිපයක් ජනතාව නොමග යවන අයුරින් ඉදිරිපත් කරනු ලැබීය. ෂම්මිද සිල්වා සභාපතිවරයා කරුණු දක්වමින් “උප සභාපති ජයන්ත ධර්මදාස ෆිල්ම් කෝපරේෂන් එකේ හිටපු සභාපතිතුමා. එතුමා නලු නිලියන් එක්ක සම්බන්ධකම් නොපවත්වා හිරකරුවන් එක්ක සම්බන්ධකම් පවත්වන්නද කියන්නේ?“ යනුවෙන් ප්‍රකාශයක් කරනු ලැබීය.

එමෙන්ම, මෙම නිලධාරීන් විසින් ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගී කර ගන්නා ලද පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් යොදවා ඇති බව ඔප්පු කළ හොත් ඉල්ලා අස්වන බවට අභියෝගාත්මක ප්‍රකාශයක් කර තිබේ.

ඊට අමතරව, විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන්නේ විගණන වර්තාවක් නොව විමසුමක් බව ද ප්‍රකාශ කර ඇත. එමෙන්ම මෙලෙස ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් රැගෙන යන ලද පිරිස අතරින් ආපසු නොපැමිණි අය ගැන කරුණු වසන්කර තිබේ.

මේ වනවිට අදාළ විගණන වාර්තාවේ සඳහන් මූලික කරුණු කෙරෙහි අවධානය යොමු නොකර නිලියන් දෙදෙනෙකුට සියල්ල ලඝු කිරීමේ සැලසුම් සහගත ප්‍රචාරයක් ද අදාළ චූදිත නිලධාරීන් විසින් ම ක්‍රියාත්මක කරමින් තිබෙන බවට තොරතුරු හෙළි වේ. ක්‍රිකට් ආයතනයේ මුදල් තම පවුල්වල සාමාජිකයින් සහ හිතවතුන් වෙනුවෙන් මෙම ඕස්ට්‍රේලියානු සංචාරයට යොදා නොගත් බව ප්‍රකාශ කරන අතර ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමක් ලෙස 29 දෙනෙකු හට වීසා ලබා ගත්තේ කෙසේ දැයි මොවුන් හෙළිකරන්නේ නැත. ක්‍රිකට් ආයතනයට කිසිසේත් අදාළ නැති සමූහයක් සම්බන්ධයෙන් නිල වශයෙන් එම ආයතනයේ ලේඛනයක් මගින් වීසා අයදුම් කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් එම ආයතනයට කළු පැල්ලමක් එකතු වී ඇති බවත් මෙම පිරිස සමඟ ගිය සංජීව නිෂාන්ත පෙරේරා නැමැත්තා ආපසු නොපැමිණීම ඊටත් වඩා බරපතළ බවත් මේ වනවිට හෙළිවී තිබේ.
@lankatruth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?