Latestදේශීයවිදේශීය

ප්‍රංශ ජනාධිපති අද දිවයිනට

නව කැලිඩෝනියාවේ හා පැසිෆික් කලාපයේ රටවල් කීපයක සංචාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිකුරාදා (28) සවස ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග බදාදා නිවේදනය කළේය. මෙම අවස්ථාව ප්‍රංශ මාධ්‍ය විසින් ඓතිහාසික සංචාරයක් ලෙස හඳුන්වා ඇති අතර ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය” මෙය විය හැකි බව ඔවුන් මේ අතර පෙන්වා දේ. මෙම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දෙරට අතර රාජ තාන්ත්‍රික සම්බන්දතා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුධය මෙන්ම ඉන්දියාව හා චීනය අතර බල ගැටුමේදී ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව සාකච්චා කරනු ඇති බව ප්‍රංශ පුවත් සේවය(AFP) තවත් වාර්තාවකින් පෙන්වා දේ.

එසේම මෙම සංචාරය තුලදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීමට මෙන්ම දෙරටේ කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් කරගනු ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රංශයට වඩා නව ගුණයකින් කුඩා වූ සහ මිලියන 22ක පමණ ජනගහනයක් වෙසෙන ඉන්දියානු වෙරළ තුල පිහිටා ඇති ශ්‍රී ලංකාව වසරක කාලයක සිට ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටි. 1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයකටද රට ගොදුරු වී ඇත. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) හා ලෝක බැංකුවේ සහය ඇතිව ශ්‍රී ලංකාව නැවතත් දෙපයින් නැගී සිටීමට උත්සාහ කරන නමුත් ප්‍රංශ ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනුයේ වසර 2026 වන තෙක් ශ්‍රී ලංකාව බංකොලොත් වී පවතිනු ඇති බවයි,

මේ අතර මැක්‍රොන්ගේ මෙම හදිසි සංචාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ජාත්‍යන්තර මිලිටරි වෙබ් අඩවියක් සඳහන් කරනුයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනික වාතාවරණය අතිෂයින් බිඳෙන සුළු තත්වයක පවතින බවයි. විශේෂයෙන් කලාපීය ප්‍රතිවාදී බලවතුන් දෙදෙනෙකු වන අසල්වැසි ඉන්දියාව සහ චීනය අතර ඇතිවී තිබෙන භූ දේශපාලන ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ස්ථාවර භාවය නිතර අර්බුධ කාරී තත්වයකට පත්වන බව එම වාර්තාව තව දුරටත් අවධාරණය කරනු ලබයි.

කෙසේවෙතත් ප්‍රංශ හා බටහිර මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ණය අර්බුධයේ ප්‍රධාන වගකිව යුත්තා ලෙස බෙයිජිං පාලනයට ඇඟිලි දිගු කලත් එයින් චීනයේ පංගුව වනුයේ ඩොලර් බිලියන 12-14ක් පමණි. ඉතිරි ඩොලර් බිලියන 45ක ණය හිමි කරුවන් වනුයේ බටහිර හා ජාත්‍යන්තර මුල්‍ය ආයතන වේ.

හම්බන්තොට වරාය වසර 99කට චීන සමාගමකට බදුදීමත්, ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකල විශාලතම විදේශ ආයෝජනය වන කොළඹ වරාය අසල ඩොලර් බිලියන 1.4 ක ඉඩම් ගොඩකිරීමේ නගර ව්‍යාපෘතියත් පිළිබඳව වැඩි අවධානයක් ප්‍රංශ මාධ්‍ය යොමුකර ඇත. මෙම ව්‍යපෘති දෙකම චීනය විසින් කලාපයේ ඔත්තු බැලීමේ ස්ථානයක් ලෙස භාවිතා කරනු ඇතැයි ඉන්දියාව ද කනස්සල්ලෙන් පසුවන බව ඔවුන් පෙන්වා දේ. යුරෝපය සහ නැගෙනහිර ආසියාව අතර ප්‍රධාන ජාත්‍යන්තර මුහුදු වෙළඳ මාර්ගයේ අඩක් ලෙසට වන්නට ශ්‍රී ලංකාව පිහිටා ඇති බවත් ඩුබායි සහ සිංගප්පූරුව අතර ඇති එකම ගැඹුරු ජල තොටුපළ හිමි වරායන් වනුයේ කොළඹ සහ හම්බන්තොට වරායන්ය. මෙම මරමස්ථාන චීනය හිමි කර ගැනීම ජාත්‍යන්තර හා කලාපිය ආරක්ෂාව හා සාමය සම්බන්ධයෙන් ගත්කල අනතුරු දායක බව මෙම මාධ්‍ය තව දුරටත් පෙන්වා දේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර නිව් කැලිඩෝනියාව, වනුවාටු සහ පැපුවා නිව්ගිනි රටවල මාධ්‍ය ඇමතු ප්‍රංශ ජනාධිපතිවරයා “නව අධිරාජ්‍යයවාදයට” හා කලාපීය බලවතුන්ගේ අනිසි මැදිහත් වීම් වලට එරෙහිව නැගී සිටිය යුතු යයි පැවසුවේය. එහෙත් ඔහු පැසිෆික් කලාපයේ මෙම නව බලවතා ලෙස චීනයේ නම සඳහන් කිරීමෙන් වැලකී සිටියේය. පසුගිය 2022 වසරේ මැයි 22 වනදා මැක්‍රෝන් පාලනය ඩොලර් බිලියන 413ක් ආරක්ෂාව සඳහා වෙන්කළ අතර, ඊයේ දිනයේ නව රාජ්‍ය වාර්තාවක් සනාථ කලේ ප්‍රංශය ලෝකයේ දෙවන ආයුධ වෙළෙන්දා බවට පත් වෙමින් එමගින් ඩොලර් බිලයන 27ක් පසුගිය වසර සඳහා ඉපයූ බවයි.

මේ වන විට දැවැන්ත ආර්ථික අවපාතයක් අභියස සිටින ප්‍රංශයේ සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3013ක් ලෙස සඳහන් වන අතර අයවැය හිඟය 12%GDP ලෙස ඉහල ගොස් ඇත. එසේම මේ වන විට ප්‍රංශය තුල ශ්‍රී ලාංකිකයින් 150000ක් ජිවත් වේ.

දෙවන රාජසිංහ රජු දවස පෘතුග්‍රීසින් හා ලන්දේසින් එලවා දැමීම සඳහා ප්‍රංශය සමග සාකච්චා කල බව ශ්‍රී ලංකා ඉතිහාසයේ සඳහන් වේ. ඉන් පසුව 1802 නැපෝලියන් සමයේ අත්සන් කල එයතිහාසික එමියන් ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ප්‍රංශයට හිමි වීමට නියමිත වුවත් එය ඉතා උපක්‍රමික ලෙස තමන්ට හිමි කර ගැනීමට මහා බ්‍රිතාන්‍යය සමත් වනුයේ ඉන්දියන් සාගරයේ යතුර තමන් යටතට ගත් බවට උදම් අනමිනි. මෙම සියළු එයතිහාසික හා නවීන මුලාශ්‍ර මගින් දැඩිව අවධාරණය කරනු ලබන පොදු කාරණය වනුයේ ඉන්දියන් සාගරය තුල ශ්‍රී ලංකාවේ සුවිශේෂ පිහිටීම දෙස ලොව බලවතුන් ඇස ගසා ගෙන ඉන්නා ආකාරය විනා වෙන යමක් නොවේ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?