Latestදේශීය

උඩවලව සත්‍යග්‍රහය අවසන් – සටන දිගටම

මේ වනවිට කුඹුරුවලට ජලය ලැබෙමින් පවතින බැවින් උඩවලව ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දින 18ක් තිස්සේ පවත්වාගෙන ආ සත්‍යග්‍රහය (10) සිට තාවකාලිකව අවසන් කිරීමට එම ගොවියෝ තීන්දු කර තිබේ.

ඒ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගේ මැදිහත්වීමෙන් එහි ජාතික කමිටු සාමාජික සුනිල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් උපවාස භූමියේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

එම සත්‍යග්‍රහය අවසන් කිරීමෙන් පසු පිරිස ඇඹිලිපිටිය නගර මධ්‍යයේ විරෝධතා රැලියක් පැවැත්වූ අතර එහිදී මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අවධාරණය කර සිටියේ නිසි අවස්ථාවේ ජලය ලබා නොදීම හේතුවෙන් විනාස වූ වගාවන් සඳහා වන්දි ලැබිය යුතු බවත් ජලය ලබා නොදීම නිසා මේ වනවිට ගොවියන්ට මුහුණ දීමට සිදුව ඇති තත්වයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැවැන්ත අරගලයක් ඇති බවය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?