Latestදේශීය

තීරණාත්මක පාවෙන ඡන්දයි

පක්ෂ දේශපාලනයට වඩා ඉදිරි මැතිවරණයක දී අපේක්ෂකයින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල සහ ඒවායේ ප්‍රායෝගිකභාවය ප්‍රධාන සාධකයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

මීට අමතරව දුෂණ චෝදනා නොමැති වීම සහ අපේක්ෂකයන්ගේ වයස වැනි කාරණා ඉදිරි ජනාධිපතිවරණයක දී ප්‍රබල සාධකයක් වනු ඇත.

මීට හේතුව වී ඇත්තේ මෑතක් වන තුරුම සියයට 20ක්ව පැවැති පාවෙන ඡන්ද ප්‍රතිශතය සියයට 40ක් දක්වා ඉහළ ගොස් තිබීම බව දේශපාලන විචාරයකයින් පෙන්වාදෙයි.

යම් හෙයකින් පාර්ශව තුනක් හෝ ඊට වැඩි පිරිසක් අතර ජනාධිපතිවරණය පැවැතියහොත් කිසිදු පාර්ශවයකට සියයට 50 ප්‍රතිශතය ඉක්මවා යෑම දැඩි අභියෝගයක්ව වනු ඇත.

මෙම තත්ත්වය මත දෙවන මනාපය සලකා බැලීමට මැතිවරණ බලධාරීන්ට සිදුවන අතර එහෙත් මෙරට බොහෝ ඡන්ද දායකයින් පිරිසක් දෙවන මනාපය භාවිතා නොකිරීම හේතුවෙන් එයද ගැටලු සහගත තත්ත්වයකට බවට පත්වනු ඇත.

අතීතයේ සිටම මෙරට පැවැති ජනාධිපතිවරණ හෝ මහමැතිවරණවලදී පාවෙන ඡන්ද ප්‍රබල සාධකයක් වුණි.

එම ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඡන්ද භාවිත නොකර සිටීමේ සංඛ්‍යාව ද ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?