Latestදේශීය

සුදුසුම ජනාධිපති අපේක්ෂක අනුර – හරිනි අමරසූරිය

තමන්ගේ කේන්දරය බැලුවේ කවරුන්දැයි ජාතික ජන බලවේගය ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය දිවයින පුවත්පතේ යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී විමසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පල වේ.

ප්‍රශ්නය – ආචාර්ය තුමියනි දැන් මේ ජනාධිපතිවරණයක කසු කුසුවක් ඇහෙනවා. වර්තමානය තුළ ඒ වගේම මහ මැතිවරණයක කසු කුසුවක් ඇහෙනවා. මම ඇහුවා පසුගිය දවසේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්, මරික්කාර් කියන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා, අපිටනම් ඕන මහ මැතිවරණයක්. හැබැයි ගේන්න හදන්නේ රනිල් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක්. ජාතික ජන බලවේගයක් ඉල්ලන්නේ ජනාධිපතිවරණයක්. අපිට තේරෙනවා රනිලුත් ජනාධිපතිවරණයකට සැරසෙනවා. මේගොල්ලොත් සැරසෙනවා. අපිනම් ඉල්ලන්නේ මහ මැතිවරණයක් කියලා තමයි මරික්කාර් කියන්නේ. රනිල්ගේ තියරි එකම යනව වගේ පේනවා.

“ඕනම මැතිවරණයකට අපි සූදානම්, ව්‍යවස්ථානුකූලව, මැතිවරණ කැලැන්ඩර් එක අනුව ඇත්තටම තියෙන්න ඕනා පළාත් පාලන මැතිවරණය. ඒකෙන් පැනලා ගියානේ ආණ්ඩුව. අපි හිතනවා ඉස්සෙල්ලා, නම් කරපු ප්‍රකාශයට පත් කරපු පළාත් පාලන මැතිවරණය තියලා ඉන්න ඕනා කියලා. ඒ නිසානේ අපි උසාවියටත් ගිහින් තියෙන්නෙ, නඩු දාල තියෙන්නේ ඒ නිසා. ඊලඟට මැතිවරණ කැලැන්ඩර් එක අනුව එන්න ඕනා ජනාධිපතිවරණය. තව මාස 12ක් නැත්නම් 13ක් වෙනකොට අලුත් ජනාධිපති කෙනෙක් ඉන්න ඕනා. ඒ හින්ද තමයි ඒක ඉස්සිලා තියෙන්නේ. ඒක අපි ඉල්ලලා නෙවෙයි. මහ මැතිවරණයක් ප්‍රකාශ කිරීමේ බලය ජනාධිපතිට තියෙනවා. ජනාධිපති තීරණය කළොත් මහ මැතිවරණය කියලා අපි ඒකට යන්නත් සූදානම්.”

ප්‍රශ්නය – ඔබ නේද ඊලඟ ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව?

“නැහැ. එහෙම එකක් කොහෙවත් අපේ ජාතික ජන බලවේගයෙන්නම් කියලා නැහැ.”

ප්‍රශ්නය – හැබැයි කසු කුසුවක් යනවා?

“කසු කුසුව යන්නේ වෙන අය.”

ප්‍රශ්නය – මේ රාජයෝග එහෙම තියෙනවා. කේන්දරෙත් බලල තියෙනවා හරිනි. හරිනි තමයි ඊළඟ ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්න ඉන්නේ කියලා අපිට අහන්න ලැබෙනවා?

“කවුද දන්නැහැ මගේ කේන්දරේ බැලුවේ? කේන්දරේ බලපු එක්කෙනාගෙන් අහන්න වෙයි ඒක. මොකෝ මමනම් බලල නැහැ.”

ප්‍රශ්නය – ඔබට හදිස්සියේවත් කිව්වොත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා අපේක්ෂිකාව හැටියට ජාතික ජන බලවේගයෙන් යෝජනාවක් එනවා. මොකද තත්වේ?

“එහෙම වියයුතු නැහැ කියලා මම කියන්නේ. එකක් මම සතුටු වෙනවා ජාතික ජන බලවේගය ගැන දැන් අවුරුදු තුනකට ඉස්සෙල්ලා ඡන්දයක් දිනනවා තියා මැතිවරණයකට ඉදිරිපත් කරන්න එක්කෙනෙක්වත් ඉන්නවද කියලනෙ කතා වුනේ. දැන් මේ කතා වෙන්නේ හරිනිද? අනුරද? අරයද? මෙයාද? ලොකු සාකච්ඡාවක් යනවා. ඒකෙන් පෙන්නුම් කරනවා අපි ඇවිල්ලා තියෙන තැන. ඒක ගැන මම සතුටුයි. ඒකෙන් පෙන්වනවා අපේ බලය, අපේ නායකත්වය, අපේ සූදානම සහ අපේ හැකියාව. ඒක ගැන අපි සතුටුවෙනවා. ජාතික ජන බලවේගය හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. මොකද ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වෙලත් නැහැ. මම හිතනවා ඒකට සුදුසුම නායකයා අපි තුළ ඉන්නවා. දැනටමත් ඉන්නවා. අනුර සහෝදරයා, ඔහු පෙන්නුම් කරලා තියෙනවා ඔහුට ඒ නායකත්ව හැකියාව සහ ඒකට සුදුසුකම් තියෙනවා කියලා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?