Latestදේශීය

පොලිස්පති ඇතුළු 4ක් 4 වැනිදා අධිකරණයට කැදවයි

කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් තමන් ඉවත් කිරීමට පොලිසිය අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඊට අදාලව සැප්තැම්බර් 04 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටිමින් කරුණු දක්වන ලෙසට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු සිවු දෙනකුට නියෝග කරමින් ඊයේ (01) නොතීසි නිකුත් කර තිබේ.

මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.එම්.ඩී.පී.එස් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සුරංග දිල්රුක් නමැති අයකු විසින් ගොනු කරන ලද මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද ජයසේකර සහ කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.පී.ඩී විජේසූරිය ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

“පෙත්සම්කරු ව්‍යවසායකයෙකි. කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින සාප්පු සංකීර්ණයක එක් කාමරයක හිමිකරුවෙකි. පෙත්සම්කරුට ඊට අල්ලපු කාමරය ලබාගැනීමට අවශ්‍ය වූයෙන් එහි හිමිකාරියට මුළු මුදලින් කොටසක් ගෙවා ඉතිරිය ණය ලබාදෙන ආයතනයකින් ණයට මුදල් රැගෙන දුන්නේය. ඒ අතර එම බිම් කොටසෙහි අයිතිය සින්නක් කරව එම ණය දෙන ආයතනය ලබාගන්නා ලදී. පසුව මේ පිළිබඳව ඇති වූ ගැටලු සහගත තත්වය හේතුවෙන් කුලියාපිටිය දිසා අධිකරණයේ නඩුකරයක් ද පවතී. මේ අතරතුර මෙම ණය දෙන ආයතනයේ අධ්‍යක්ෂකවරයකු පොලිසිය සහ තවත් මැර පිරිසක් රැගෙන පෙත්සම්කරුගේ බඩු බාහිරාදිය ඉවත දමා මෙම ස්ථානයේ භුක්තිය ලබා ගැනීමට උත්සාහ කර ඇත. මෙය සම්පූර්ණයෙන් නීතියට පටහැනි ක්‍රියාවකි පොලිසියට මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට කිසිදු බලයක් නොමැත. පොලිසිය බලය ඉක්මවා කටයුතු කර ඇත.”

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද මෙම සිද්ධිය වැළැක්වීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?