Latestදේශීය

සිංහල බෞද්ධ කියලා අලුගෝසුවන්ට චරිත සහතික දෙන්න එපා – චම්පික රණවක

හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට නඩු පැවරීම සහ රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

“අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක්, පක්ෂයක් හැදුවේ ඇයි? කවුරුත් දන්නවා ගිය අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා බංකොලොත් භාවය ප්‍රකාශ කරනවත් එක්කම අපට තෙල් ටික ගේන්න සල්ලි නැහැ. ගල් අඟුරු ටික ගේන්න සල්ලි නැහැ. කැපුණා. බෙහෙත් නැති වුණත්, දරුවෝ මැරෙන්න පටන් ගත්තා. ගෑස් පිපිරුණා. ඒ වගේ මහා ඛේදවාචකයක් රටේ, ඒ අවස්ථාවේදී අපි හරිනම් විපක්ෂයක් හැටියට අපිට කළ යුතුව තිබුණු දේ තමයි අපි ආණ්ඩුව භාර අරගෙන එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවලා හරි රට ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීම. මොකද ආණ්ඩුවේ විශාල පිරිසක් මහා මැතිවරණය පැවැත්වුවා. කෝවිඩ් එක ඉවර වුණාට පස්සේ බොහෝ දෙනෙක් අපට පවසපු දේ තමයි රාජපක්ෂ පවුල එක්ක මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මේ ආණ්ඩුව ඉතාම නුදුරු දිනයක දී බංකොලොත් භාවයට පත් වෙනවා. ඒ නිසා අපි එකතු වෙලා වැඩක් කළ යුතුයි කියලා. සමහර අපේ නායකයින්ට රාජපක්ෂලාගේ නම කියන්න බය වුණා. ඒ තරම් බියපත් වෙච්ච ස්වරූපයකින් තමයි අපි අපේ නායකයෝ රාජපක්ෂලාට මුහුණ දුන්නේ. ඉතින් මම නම් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. මං දන්නවා රාජපක්ෂලා අපිට බය බව. ඒ අය ජයග්‍රහණය කරපු හැටියේ මුලින්ම අත්අඩංගුවට ගත්තේ මාව. ඒ මොකද අපිට බය නිසා. අදටත් ඒ බය ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒ ගැන අපිට ආඩම්බරයි. අපිට රාජපක්ෂ පවුල ගැන කිසිම වෛරයක් නෑ. නමුත් මේ රට බංකොලොත් වෙන තාක් හොරකම් කරපු මේ ජාවාරම්කාර පැලැන්තියට දඬුවම් දීම. අපි අපේ අංක එකේ අරමුණක් බවට පත්කරගෙන තියෙනවා. ඒ සඳහා අලුත් දේශපාලන ව්‍යාපාරයක්, විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට ඔරොත්තු දෙන ව් යාපාරයක් අපිට අවශ්‍යයි කියලා අපි කල්පනා කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පමණක් නෙවෙයි. පසුගිය ජූලි නම වෙනිදා පරාජයට පත්වුණේ. මේ රටේ විපක්ෂයක් ඒ ජූලි නමවෙනිදා පරාජයට පත්වුණා. දැන් අන්න ඒ තත්වය තුළ මේ රටට අලුත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. දෙසීය විසිපහම හොරු කියලා සෑම විපක්ෂයේ ඉන්න හැමෝටම අපි නම් චෝදනා කරන්නේ නැහැ. මොකද, රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ මිනිස්සු ප්‍රමාණයක් විපක්ෂයේත් ඉන්නවා. සමහර පිරිසක් ආණ්ඩුවෙත් ඉන්නවා. අද අවශ්‍යයි මේ ජාතිකමය වශයෙන් ඒකාග්‍රතාවක් ඇති කරගෙන ඉදිරියට යන්න. පරණ පවුල් වලට පරණ සාම්ප්‍රදායික මත වලට, මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. ඒක ඉදිරියට ගෙනියන්න නම්, ශක්තිමත් නව මතවාදයක් රට කරවන්න පුළුවන් මිනිස්සුන්ගේ එකමුතුවක් අපි ඇති කරගත යුතුයි. මේ එක්සත් ජනරජ පෙරමුණ අපි බිහි කළේ ඒ වෙනුවෙන්”

“මරදානේ ඉදන් හෝමාගමට අර කැලණි දුම්රිය මාර්ගය සංවර්ධනය කරන්න දුන්නා නම් නුගේගොඩ නගරය හා මහරගම නගරය ඒ ජපන් ආධාර වලින් ගොඩනගන්න අපට තිබුණා නම් අද මේ වෙනකොට අර රට රකින විරුවෙක් කියලා මෝඩයෙක් බලයට පත් කරගන්න මහා දැවැන්ත සිංහල බෞද්ධ උවමනාවකින් මිනිස්සුන්ව කුලප්පු නොකළ නම් අද මේ කැලණිවැලි දුම්රිය මාර්ගය එතනට යනවා විතරක් නෙවෙයි මේ මහරගම නගරය ඒ ඇඟලුම් ව්‍යාපාරය පමණක් නෙවෙයි මහා නගරයක් හැටියට අවදි වෙනවා ඒ වගේම හෝමාගම නගරය එතන ඇති කළා විශ්ව විද්‍යාල පද්ධතියක් එක්ක තාක්ෂණ නගරයක් අසූදාහක් තරුණ තරුණියෝ පුහුණු කරන්න. ඒ වගේම නුගේගොඩ නගරය වාණිජ නගරයක් හැටියට ගොඩනගන්න මේ ටික ගොඩ නැගුණා නම් මේ කැලණි වැලි ප්‍රදේශය අවුරුදු සිය ගාණකට ආපසු හරවන්න බැරි වෙන විදිහේ දැවැන්ත ඉදිරි පිම්මක් පනිනවා. අපේ සීයට දශම එකේ පොලියට ණය අරගෙන කරපු ඒ වැදගත් විධිමත් ඒ ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මේ ආපු උන්මත්තකයෝ රැලක් එකතු වෙලා. එහෙම නොවුනා නම් රට අපට මීට වඩා සුන්දර තැනක් බවට, මේ මේ කලාපය මීට වඩා සුන්දර තැනක් බවට අපිට පරිවර්තනය කරන්න තිබුණා. කඩුවෙලින් පටන් ගන්න ඒ සැහැල්ලු දුම්රිය මාර්ගය, ඊළඟට අපේ ඉලක්කය තිබුණේ හෝමාගම තාක්ෂණ නගරය, කොට්ටාව, ඒ වගේම ඒ හරහා පැලවත්ත හරහා බත්තරමුල්ලට යන්න තිබිච්ච සැහැල්ලු දුම්රිය පද්ධතිය, මේ සියල්ලම අපට අහිමි වුණේ, අර ගත්ත උන්මත්තක තීරණය, ඇතැම් ජනමාධ්‍යත් එක්ක එකතුවෙන්න, එකතුවෙලා, නයි නටවලා, භය ඇති කරලා, වහබ් වාදයක් කියලා ගෙනල්ලා, ශාපි ශාබ්දීන් පෙන්නලා, සහරාන්ව හැම ගෙදරකම මවාපාලා කරපු ඒ භයානක දේශපාලන කූට නාටකය නිසා. ඇත්ත වශයෙන්ම ඒක සිද්ධ වෙලා දින කීපයක් ඇතුලත මම යූටියුබ් එකට වීඩියෝවක් දැම්මා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒක බැලුවා. මේ ගෝඨාභයගේ පැමිණීම කූට නාටකයක් කියලා. අද ඔප්පු වෙලා තියෙනවා. අද හැම පැත්තකින්ම ඔප්පු වෙලා තියෙනවා ඔහුගේ පැමිණීම කූට නාටකයක්. ඔහු මේ දේශපාලනයේ කිසිම අත්දැකීමක් නැති පුද්ගලයෙක්ව කූට නාටකයක් හරහා ලේ තැවරිච්ච කූට නාටකයක් බලයට ගෙන ඒමේ වැඩපිළිවෙලක් පැවතුනාය කියන එක. දැන් අතීතය ගැන කතා කරලා වැඩක් නෑ.”

“රනිල් වික් රමසිංහ මහත්මයා පසුගිය අවුරුද්දත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දේ තිබුණු මහා ව්‍යාකූලත්වය, අර තිබුණු මහා බියකරු අනාගතය, කන්න බොන්න නැතිකම, මේ යන ආදී සියලු ප්‍රශ්නත් එක්ක බලනකොට යම් ස්ථාවරත්වයක් ගෙනල්ලා තියෙනවා කියලා කවුරුහරි කිව්වොත්, අපි පිළිගන්නවා, අපි එහෙම නොපිළිගන්න තරම් කුහකයෝ නෙවෙයි. නමුත්, මේ පිටින් පේන ස්ථාවරත්වයට යටින් රට මහා දැවැන්ත නායයෑමක තියෙන්නේ. රටට තව මහා කාලයක් නෑ.”

“රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සුසිල් ඇමතිතුමා මොනවා කිව්වත් මේවා ක්‍රියාත්මක වෙන්න මහපොළොවේ ගුරුවරු නැත්නම්, මේවා ක්‍රියාත්මක කරන ඒ දැනුම ඇති අධ්‍යාපනඥයො නැත්නම්, රට කොහොමද ඉදිරියට යන්නේ? රට ක්‍රමයෙන් මහා මානව කාන්තාරයක් පත්වේගෙන යනවා. ඒ වගේම රටේ ප්‍රශ්නය ඉවර වෙලා නෑ. අපි ණය ගෙවපු නැති නිසා තමයි අපිට මේ තාවකාලික ජොලියක්, තාවකාලික චූන් එකක් ලැබිලා තියෙන්නේ. මතක තියාගන්න අපි ණය ගෙවුවේ නැති නිසා. නමුත් අපිට ණය ගෙවන්න වෙනවා මේ මාසේ අග වෙද්දි, මේ තව දින කිහිපයකින්, මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ එනවා. ඒ නියෝජිතයෝ ආවහම අපට සිද්ධ වෙනවා, මේ මාසේ අග වෙනකොට අපේ ණය හිමියොත් එක්ක එකඟතාවයකට එන්න. මොකද අපේ ණය හිමියෝ අපට අන්තර්ජාතික අධිකරණවල නඩු දාන්න බලාගෙන ඉන්නේ. විදේශවලින් ගත්ත ණය වලට. ඇතැමෙක් නඩු දාලා තියෙන්නේ. එතකොට ඒ ඒ ආකාරයට අපි ඒ ණය හිමියොත් එක්ක එකඟතාවය ඇති කරගෙන ක්‍රියාදාමයකට ගියේ නැත්නම් ඉතාම බරපතල ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න වෙනවා. අනිත් පැත්තෙන් අපි එහෙම එකඟතාවයකට ගියොත් අපට ඊට පස්සේ ණය ගෙවන්න වෙනවා. ණය වලින් කොටසක් ගෙවන්න වෙනවා. ණය ගෙවන්න නම් අපි ඩොලර් උත්පාදනය කළ යුතුයි. ඩොලර් උත්පාදනයට අලුත් මගක් අපිට පේන තෙක් මානයකවත් නැහැ. අන්න ඒක නිසා රටේ මේ සිදුවෙන ක්‍රියාදාමය ගැන මම හිතන්නෑ ජනාධිපතිතුමාට හා අනිත් අයට පළල් අවබෝධයක් තියෙනවා කියලා”

“එදා අපිට මඩ ගහන්න, ගල් අඟුරු කතා, අර කතා, මේ කතා, රතු සහෝදරවරු, ඒ වගේම පොහොට්ටුවේ කට්ටිය දාලා, දැවැන්ත මඩ ප්‍රචාර ගෙන ගියා. ඒ මඩ ප්‍රචාර ගෙන ගියේ කෝටි දෙදහක ලාභයක් විදුලි බල මණ්ඩලය ලබා ගැනීම නිසා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉතිහාසයේ එහෙම දෙයක් වෙලා නෑ. ඒ නිසා මම බොහොම වගකීමෙන් කියනවා. මේ ක්ෂේත්‍ර විකුණන් නැතුව ලබා දෙන්නැතුව විදේශිකයන්ට මේවා වෙනස් කිරීමේ වැඩපිළිවෙලක්, වැඩසටහනක් අපිට තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, රාජ්‍ය අංශය කරගෙන යන වැඩපිළිවෙලට වඩා විධිමත් වැඩසටහනක් අපට තියෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඒ සඳහා අවශ්‍ය විශේෂඥවරු අපි සතුව ඉන්නවා”

“මේ රට බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුතු දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම ව්‍යාපාරික ජාවාරම්කාර පැලැන්තිය එක හැප්පිලා ඒවට දඬුවම් නොකර මේ රට කවදාවත් ගොඩගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා නොකරන්නේත් ඒකමයි. ඒක තමයි තියෙන ප්‍රශ්නෙ. ඒ වගේම මේකේ බර කාටද වැටෙන්නේ? බර වැටෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. මේ බර වැටෙන්නේ නැහැ අර ඉහළ ගණයේ පිරිස් වලට. තුන් ගුණයකින් ගණන් ගියා කියලා ඔය ඉහල ගණයේ කට්ටියට ඒකේ ප්‍රශ්නයක් නෑ. විදුලි බිල වැඩි කළා. විදුලි බිල වැඩි කළ යුතුව තිබුණා යම් සාධාරණ ගාණකින්. දෙදාස් දහතුනේ ඉඳන් වැඩි කරලා තිබුන් නෑ. නමුත් වැඩි කළේ කොහොමද? විදුලිය අඩුවෙන්ම පාවිච්චි කරන ඒ ඒකක හැටට අඩු මිනිසුන්ට අට ගුණයකින් වැඩි කළා. අනිත් අයට ඉහළම ගණයේ අයට වැඩි කළේ සීයට දහතුන් දෙනයි. එතකොට මෙහෙම ඉතාම අයුක්තිසහගත විදිහට තමයි මේක වැඩිවෙන්නේ. ඩීසල්, පෙට්‍රල් කෙරුව එච්චරයි. ඒකෙදි ඩීසල් කියන්නේ පොදු ප්‍රවාහනයට පොදු ජනතාවගේ දුම්රිය, බස්රිය, ලොරිය යන අ දේ තමයි ඩීසල්. ඒකට තමයි අත තියන්නේ. ඉතින් ඒක නිසා මේවෑ කිසිම එහෙක යුක්ති සහගතභාවයක් නෑ. ආහාර ගැන ගත්තත්, ඖෂධ ගැන ගත්තත්, වෙන දේ ගැන ගත්තත් සාමාන්‍ය මිනිහට තමයි මේකේ බර ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහේ ක්‍රියාවලින් පේන්නේ ජනතාවට යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නෑ. මේ අර්බුදයෙන් අපි ගොඩ එන්න නම් ජනතාවට ආර්ථික යුක්තිය ඉෂ්ට වෙන ක්‍රියාදාමයකුත් මේ එක්කම තියෙන්න ඕනේ මහජනයාගේ පැත්තෙන් එන ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. ඒක ලබන අය වැයේදී සොච්චම් වැටුප් වැඩිවීමක් කරලා එහෙම බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඉතාම පැහැදිලිව ජනතාවට යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියක් අපිට අවශ්‍යයි.”

“අපිට පේනවා සමහර පැතිවලදී මේ ඩීල් දේශපාලනය මොනවද? සමහර අයව අත්අඩංගුවට ගන්නවා. අයිසීසීපීආර් එක යටතේ අත්අඩංගුවට ගන්නවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. හිරේ දානවා. හිරේ තියන් ඉන්නවා. සමහරුන්ට අත තියන්නෙ නෑ. දැන් මේ රටේ පසුගිය කාලයේ ඇතිවෙච්ච බරපතළ ම සිද්ධියක් තමයි ඔය ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ඇඳන්වල වාඩි වෙච්ච එක නෙමෙයි. වට කරලා පාර්ලිමේන්තුව ගිනි තියලා විප්ලවයක් කරන්න හදපු එක. එතෙන්ට ගියා කණ්ඩායම් කීපයක්. එතන්ට ගියා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ. එතෙන්ට ගියා වෙනත් සංවිධානවල නායකයෝ. කවුද හිරේ ගියේ? අර පැතුම් කර්නර් විතරයි හිරේ ගියේ. ලාල් කාන්ත මහත්තයාට, සුනිල් හඳුන්නෙත්ති මහත්තයාට, බිමල් රත්නායක මහත්තයාට මුකුත් නඩු නෑ. මේ මොකද? ඇයි ඒ? මේ රට පුරා යුක්තිය ඉල්ල ඉල්ල කෑගහන කට්ටියට මාංචු දෙක දාන්න බය ඇයි? මොකක්ද ඒ ඩීල් එක?අපි කියන්නේ මේ රටේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච බරපතලම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු පහර තමයි පාර්ලිමේන්තුව ගිනි තැබීමට ගිය පිරිස. ඒකට මඟ පාදපු පිරිස ඒකට විරුද්ධව ආරාධනා කරපු පිරිස. ඒකට දඬුවම් දෙන්නැත්නම් මේ අනිත් කිසි මිනිහෙකුට දඬුවම් දෙන්න ජනාධිපතිතුමාට හෝ පොලිස් ඇමතිට කිසිම අයිතියක් නැති බව කියන්න ඕන. ඒ හින්දා යුක්තිය ඉෂ්ට වෙන්නෑ. ඒක ඉතාම පැහැදිලියි. යුක්තිය කිසිම තැනක ඉටු වෙන්නේ නැති බව.”

“රාජපක්ෂලා කරපු ක්‍රමයට කෝප්සිටිය ගොඩ කළා නම්, මෙලහට කොළඹ නගරය ගිලා බැහැලා. මොනම පරිසර අධ්‍යයනයක්වත් තිබුණේ නැහැ. මොනම ජල විද්‍යාත්මක අධ්‍යයනයක්වත් තිබුණේ නැහැ. මොනම භූ විද්‍යාත්මක අධ්‍යයනයක්වත් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ කියලා තිබිච්ච එකම දේ තමයි, මටත් කිව්වා එයා මම ජනාධිපතිවරණයට යනකොට මෙතන බිම ගොඩ වෙලා උඩට ඉස්සිලා තියෙන්න ඕනේ. ඔච්චරයි. ඒ මොකද කළේ? ගෙනල්ලා පස් අත ඇරියා. කොළඹ නගරය තියෙන්නේ මුහුදට පහලින්. මෙතෙන්ට පස් දාන්න දාන්න මොකද වෙන්නේ? කොළඹ නගරය හරහා ජල මට්ටම උඩ යනවා. කොළඹ නගරයේ තියෙන පැරණි ගොඩනැගිලි එකක්වත් කරලා, කොන්ක්‍රීට් කරලා තියෙන ඒවා නෙවෙයි. ඒ පරණ ගොඩනැගිලි වලට දරුණු අනතුරක් තියෙනවා. එහෙම දේවල් වෙමින් තිබුණා. ජනාධිපති කාර්යාලය ඇතුළත්. අපිට භාර දුන්නා අගෝස්තු මාසේ දෙදාස් දාසයේ මාස තිස් හයකින් කරන්න කියලා අපි මාස විසිනමයකින් කළා. ඔය කාලේ මට මතකයි අනුර දිසානායක මහත්තයලා කිව්වා ඕකට ගල් කොහෙන්ද කියලා ඇහුවා. කාදිනල්තුමා ඇහුවා ධීවරයින්ට මොකද වෙන්නේ කියලා. ධීවර බිම් වලට මොකද වෙන්නේ කියලා ඇහුවා. නේද? නොයෙක් නොයෙක් සැක මතු කළා. පරිසරවේදීන් විශාල සැක මතු කිරීම් කළා. කිසි දෙයක් වුණාද? නෑ. කොළඹ නගරයේ අද වහිනවා. හැබැයි ඔය තත්වයන් තියෙනවා. නමුත් ගංවතුර තත්වයක් නැහැ. කඩුවෙල අද යට වෙනවා ද? කොලොන්නාව අද යට වෙනවද? නැහැ. අපි හැදුවා උමං මාර්ග. මේ උමා ඔයේ උමං මාර්ගය හදාගන්න ගිහිල්ලා වෙච්ච විනාශය දැක්කා. අපි හැදුවා උමං මාර්ග හදලා ඒ ප්‍රශ්නය විසඳලා දුන්නා. කුණු ගැන කතා කළා. අද කොළඹ කුණු ගැන කවුරුවත් කතා කරනවද? කොළඹ කුණු වලින් අද මෙගාවොට් දහයක් නිපදවනවා කෙරවලපිටියෙන්. අපේ සමහර රතු නායකයෝ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කුණු වලින් විදුලිය නිපදවන ව්‍යාපෘති බලනවා. මේ අපි හදපු එක බලන්න. නේද? අපි සදහට මේ ප්‍රශ්න විසඳන මඟ කියලා දුන්නා.”

“අපේ නිෂ්පාදනය අපි මීට වඩා පුළුල් කරන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. සමහරු අහනවා ඇයි මේ ජාතික ජන බලවේගයට එකතු වෙන්නේ නැත්තේ කියලා. මුලින්ම කියන්න ඕනේ ජාතික ජනබලවේගය කියලා එකක් නැහැ. පක්ෂ, සංවිධාන වෙන අයට බැහැ. ඒක තමයි ඒගොල්ලන්ගේ මාධ්‍යය. දැන් එතුමන්ලා ප්‍රකාශ කරලා තියෙනවා, එතුමන්ලාගේ අපේක්ෂකයා හැටියට ගරු අනුර දිසානායක මැතිතුමා, එතුමන්ලාගේ ප්‍රතිපත්තිය හැටියට මාක්ස්, ලෙනින්, අනුරවාදය ඉදිරිපත් කරලා තියෙනවා. අපි පුද්ගලයෝ හැටියට ගත්තොත් මේ එකේ ඉන්න අයත් එක්ක අපිට ප්‍රශ්න නෑ. අපිට පේනවා සාමාන්‍ය පවුල් වලින් ආපු උගත්කමක් ලගා කරගත්ත, මහන්සියෙන් වැඩ කරපු පිරිසක් එතන ඉන්නවා. අපිට ඒගොල්ලොත් එක්ක ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත්, මේ වාදයෙන් හදපු රටවල් කොහෙද තියෙන්නේ? කියුබාව, හිඟමනේ, ෆිදෙල් කැස්තොගේ දුවත් රටින් පැනලා ගිහිල්ලා. තව මොන කතාද? මාක්ස් ලෙනින් වාදයෙන් හදපු රටක් නෑ. එහෙනම් ඒගොල්ලෝ කියනවා වියට්නාමේ හැදිලා තියෙන්නේ කොහොමද? චීනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපෙන් අහනවා. එහෙනම් මතක තියාගන්න, වියට්නාමයේ, චීනයේ නිදහස් ඡන්ද නෑ. කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ. නිදහස් මැතිවරණ නෑ. එහෙ තියෙන්නේ තනි පක්ෂයක්. කොමියුනිස්ට් පක්ෂය. ඒ පක්ෂයත් එක්ක යන්නේ. එහෙනම් අපිත් හිත හදාගන්න ඕනේ. ඒත් මෙහෙ. මේකට ඡන්දෙ දෙනකොට සීනුවට හරි මාලිමාවට හරි ඊට පස්සේ ඡන්ද නෑ කියලා. දැන් මතක තියාගන්න මේ පළාත් පාලන ඡන්දෙ නැතිකමට තමයි කට්ටිය උද්ඝෝෂණය කරන්නේ. හැබැයි බලයට ආවොත් මේ තනි කොමියුනිස්ට් පක්ෂයක් යළි ඡන්ද නෑ. තනි දේශපාලන පක්ෂයක් තියෙන්නේ. ඒ නිසා අපට ඒ අයත් එක්ක තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්. ඒ වගේම අපි හොරකම් කරලා නෑ. මේ රටේ හැත්තෑ හතරක් අවුරුදු හිටපු කට්ටිය තමයි හොරු. මේ රට ආර්ථික වශයෙන් අගාධයකට දැම්මේ කියලා එතුමන්ලා කියනවා. ඒක අපිට පිළිගන්න බෑ. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ අපි දැක්කා කොහොමද ගහපු කැරැල්ල කියලා. ඒ කැරැල්ලෙන් කොච්චර රටේ ආර්ථිකයට බලපෑම් කලාද කියලා. ජයවර්ධන ජනාධිපතිතුමා ජවිපෙ තහනම් කරලා වරදක් කළා තමයි. නමුත් ඔහු ඒ තහනම ඉවත් කළත්, ඒ තහනම ඉවත් කිරීම නොතකා ක්‍රියා කළා. අද ඉන්දියාවේ නැමැති විශ්ලේෂකයා පෙන්නලා දීලා තියෙනවා මේ රටේ ඇති වෙච්ච කැරලි කෝලාහල නිසා රටට අහිමි වෙච්ච ධනය. ඩොලර් බිලියන දෙසීයක් කියලා. අපේ ණය බර හතර පස් ගුණයක් තමන් රටට නැති කළා. ඒ නිසා මේ දේශපාලකයෝ හොරකම් කළා කියනවා විතරක් නෙවෙයි. කැරලි ගහපු සියලු දෙනාම ඒ අත්වල ලේ තවරා ගත්ත සියලු දෙනාම ජාතික දේපල විනාශ කරපු සියලු දෙනාම ආර්ථිකය විනාශ කරපු සියලු දෙනාමත් රට මේ තත්වයට වැටෙන්නට සහමුලින්ම වගකිව යුතුයි. ඒ නිසා මේ අපි නම් කියන්නේ නැහැ මේ වැල්ලවත්ත බැංකුවෙන් කොල්ලකාපු සල්ලි බෙදන්න කියලා එහෙම අපි කියන්නේ නැහැ. නමුත් වගකීම භාරගන්න ඕනේ. නිකන් අද එහෙම මේ කතා කරලා හරියන් නෑ. අපේ වරදක් වුණා. සමාවෙන්න. අපි ඒවා හදාගෙන තියෙන්නේ. අපේ දැන් ඉන්න කට්ටිය ඒවාට සම්බන්ධ නෑ කියලා එහෙම කරන්න.”

“පහුගිය දවස්වල පාන් පිටි රුපියල් දාසයකින් වැඩි කළා. මතකද? පාන් පිටි කිලෝව රුපියල් දාසයකින් වැඩි කළා. මම ඕක බොහොම පැහැදිලිවම කිව්වා ඔය යෝජනාව ගෙනාපු වෙලාවේ අපේ පාර්ලිමේන්තුවේ. කීප වතාවක්ම කිව්වා. මොකක්ද කළේ? ගිය ජූනි දාහතර වෙනිදා ආණ්ඩුව ගැසට්ටුවක් ගැහුවා. පාන් පිටි රටට ගෙන ඒම තහනම් කියලා. ඒ කියන්නේ තිරිඟු, තිරිඟු පිටි. හැබැයි තිරිඟු ඇට රටට ගෙන එන්න පුළුවන් කියලා කිව්වා. ලංකාවේ තිරිඟු පිටි වලින් සීයට අසූවක් නිෂ්පාදනය වෙන්නේ තිරිඟු ඇට අඹරලා. ඒ කරන්නේ දෙකක්. එතකොට අපි ඇහුවා මේ සමාගම් දෙකට සීයට අසූවක් ඇට ගේන්න ඉඩ දුන්නම අනිත් සීයට විස්ස විතරක් නවත්තලා පුළුවන්ද? මොකක්ද මේකේ පරමාර්ථය? නෑ මේ දවස්වල ගොයම් කපනවා. ගොයම් කපනකොට ඒ වී ගොවියාගේ ඒ යන වී මිල බැහැලා ඒක නග්ගන්න ඕන කියලා කිව්වා. ඒකට අපිට සිද්ධ වෙනවා කිව්වා පාන් පිටි වලට බද්දක් ගහන්න. අන්න ඒ බද්ද දැන් රුපියල් දාසය ගානේ ගහලා තියෙනවා. මොකක්ද තත්වේ? මම ඇහුවා ගිය අගෝස්තු එකොළහ මම සභාපති හැටියට පත් කරහම මුදල් කාරක සභාවේ කොච්චර තොග තියෙනවද කියලා. ටොන් ටොන් දෙලක්ෂ හැට නමදාහක් ගබඩා කරලා තිබුණා. ටොන්. එතකොට රුපියල් දාසය ගානේ දැන් ලාභේ කොච්චරද? දන්නවද? කෝටි හාරදාස් තුන්සීයක් මේ දෙකට ලාභය හැටියට ගිහිල්ලා තියෙනවා. අද පුවත්පත වාර්තා කරනවා. ඕක මම කෙලින්ම කිව්වා. ඉතින් මෙහෙම ජාවාරම් කරන්න ඉඩදීලා පුළුවන්ද?”

“මතක ඇති අර චිර ප්‍රසිද්ධ සීනි ජාවාරමක්. සීනි ජාවාරමේ දඩය තාම අය කරගෙන නෑ. ඒක කෝටි 1600 ක ඒ දඩය තාම අය කරගෙන නෑ. ඒක එහෙම්ම තියෙනවා අවුරුදු දෙකක්. ඒ සීනි ජාවාරම්කරුවෝ බොහොම නිදැල්ලේ ඉන්නවා. මං බොහොම වගකීමෙන් කියනවා අපේ සමහර විපක්ෂයේ නායක කාරකාදීන්ටත් ඉහළ මහල් වල ඒ අවශ්‍ය පහසුකම් ඔය සීනි ජාවාරම්කාරයෝ සපයලා තියෙනවා. කතා කරන්න බයයි. ඔය සමහර අපේ විප්ලවකාරයෝ සමහරු ගැන කතා කරන්නේ නෑනේ නේද? බැංකු පොලුකාරයෝ ගැන කතා කරන්නේ නෑ. ආදායම් බදු පොලුකාරයෝ ගැන කතා කරන්නේ නෑ. කැසිනෝ පොලුකාරයෝ ගැන කතා කරන්නේ නෑ. මොකද ඒගොල්ලන්ගේ ගජ මිතුරෝ. මේ චෞර කිව්වට ඒ චෞර වළල්ලේම කොටස්. මේක වෙනස් කරන්නම ඕනා. මේක වෙනස් කරන්න නම් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෘත්තීය මට්ටමේ මෙහෙයුමක් රටට අත්‍යවශ්‍යයි.”

“අද අපිට හැමිල්ටන් රිසර්ව් බෑන්ක් කියලා එකක් නඩු දාලා තියෙනවා. ඒක තියෙන්නේ බදු පාරාදීසයක. ඒකේ ප්‍රධානියා චීන ජාතිකයෙක් වන බෙන්ජමින් වේ කියලා හාදයෙක්. ඔහුගේ නම. ඔහුට ඇමරිකාවේ වංචා දූෂණ වලට කාලයක් නඩු පවරලා තියෙනවා. දැන් මොහුගේ නියෝජිතයන් ලංකාවට ඇවිල්ලා අපේ අජිත් කබ්රාල් මහත්තයා හම්බවෙලා තියෙනවා. මරු වැඩේ. ඊට පස්සේ තමයි මේ අපිට සැකයක් තියෙනවා මේ බැඳුම්කර මිලදී ගත්තයි කියලා. ඉතා අඩුගානේ. දැන් ඔහුට මේ බැඳුම්කර ගෙවන්න ගියාද කියන සැකය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මහ බැංකුව ජනාධිපති රටේ මුදල් ඇමති හැටියට වහාම මේ ගැන විමර්ශනයක් කරන්න ඕනේ. මේ බැඳුම්කරය සියයට හයකට ආසන්න ප්‍රමාණයකට මහින්ද රාජපක්ෂ ගත්තේ මොනවටද? වියදම් කළේ මොනවටද? ඒ වගේම ආපසු ගෙවීම කරන අවස්ථාවේදී ද්විතීක වෙළඳපොලේදී මේ බැඳුම්කරය තුට්ටු දෙකට අර බිලියනයකට නෙමෙයි තුට්ටු දෙකට අරගෙන ඒක ආපසු ගෙවීමේ පදනමක් ඇති කර ගත්තේ කොහොමද කියන එක. මතක තියාගන්න තාම කබ්රාල් මහත්තයා අපිට කියන්නේ රට බංකොලොත් කියලා අලි සබ්රි කියපු එක වැරදියි. ඒක කුමන්ත්‍රණයක්. එහෙම නොකළා නම් අපි දන්නවා සල්ලි හොයන්න කියලා. මොකද මේගොල්ලන්ගේ අරමුණ. මිනිස්සුන්ට තෙල් ටික ගේන්නේ නැතුව, මිනිස්සුන්ට බේත් ටික ගේන්නේ නැතුව, විදුලිය පැය දාහතරක් කප්පාදු කරගෙන මේ ඩොලර් හෙව්වේ මොකටද? ජූලි මාසෙදි හැමිල්ටන් බැංකුවේ ගාන ගෙවන්න. ගෙව්වාම එනවා කුට්ටිය අනිත් පැත්තට තමන් ළඟට. නේද? ඕක තමයි පිටිපස්සේ සිද්ධ වෙච්ච දේ.”

“දැන් ඉතින් මේකට කියයි අර එකේ වගේ ඕවා එක චෝදනා. ඕවා ඔක්කොම ඇමරිකාවේ නේද? ඇමරිකාවේ එකේ නේද ගහලා තියෙන්නේ? ප්‍රභාකරන්ව, පුදුමාතලන්වල මේ වළ දැම්මේ නැත්නම් ඔය එක චෝදනාවක්වත් නෑ නේද? මේ සිංහල බෞද්ධ නායකයින්ට විරුද්ධව නේද කියන්නේ කියලා. එක්දහස් නමසිය අනූනමයේ වන්නි සටනේ අපිව හැදිගෑවිලා ගිහිල්ලා, අපි පරදින්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ, නැසී ගිය ජෙනරාල් රොහාන් දළුවත්ත කතාකරලා අපෙන් උදව් ඉල්ලුවා. ඉතින් ඇහුවා මොනවද කරන්න ඕනේ කියලා. අපට සෙබළු බඳවාගන්න ඕනේ සෙබළුන්ගේ චිත්ත ධෛර්ය පටවගන්න ඕන කිව්වා. අපිට කිව්වා අපේ කෙනෙක් එවන්න කියලා. එතකොට කර්නල් කෙනෙක් එව්වා. ඒ තමයි මේ අද මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන. නැව් නමයක් ඉන්දියාවෙන් ගෙනල්ලා අපේ සෙබළු යාපනෙන් අරගෙන ප්‍රභාකරන්ට යාපනේ දෙන්න ගියේ.. එතකොට ඔය ගෝඨාභය කෙනෙක්වත් මහින්ද කෙනෙක්වත් ඔය අද ඉන්න එක විරුවෙක්වත් හිටියේ නෑ නේද? අපි තමයි එදා ඒක ගලවගෙන රටේ අපේ යන්තම් මේ ඓතිහාසික තත්වය ආරක්ෂා කර ගත්තේ.”

“මතක තියාගන්න මේ සිංහල බෞද්ධ කියලා. අලුගෝසුවන්ට සිංහල බෞද්ධ චරිත සහතික දෙන්න හදන්න එපා. චෞරයින්ට, රට කොල්ලකාපු හොරුන්ට සිංහල බෞද්ධ සහතික දෙන්න හදන්න එපා. අපේ උතුම් අරහත් ධජයවත්, බෞද්ධ කොඩියවත්, මේ ඇත්තන්ට පාවාදීමට අපි ඉඩ තැබිය යුතු නෑ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. මොකද මේ මහරගම ජනතාව අපට නැතුව, ජනාධිපතිවරණෙදි, මහමැතිවරණෙදි දැවැන්ත ජනවරමක් ලබා දුන්නේ, ඔය අරහත් ධජයයි, බෞද්ධ කොඩියයි රැකගන්න කියලා. හැබැයි පට්ටපල් හොරු රැලකට, අලුගෝසුවෝ රැලකට, ලේ පිපාසිත රැලකට, ඒ වගේම ගෝත්‍රික පවුලකට, මේ අරහත් ධජයයි, බෞද්ධ කොඩියයි පාවිච්චි කරන්න මින් ඉදිරියට අපි ඉඩ තියන්නෑ කියන එකත් නව ජාතික බලවේගයක් අපි ගොඩනගනවා කියන එකත් අපි බොහොම පැහැදිලිව කියනවා. මොකද මේ රට අමාරුවට වැටිච්ච වෙලාවේ ඒවා ගොඩ නැඟුවේ අපි මිසක්. ඔය ඇමරිකාවේ හිටපු බැසිල්වත්, ගෝඨාභයවත්, ඒ වගේම ආණ්ඩුවට වෙලා ඇමතිකම් කරපු මහින්දවත් නෙමෙයි. අපි තමයි ඒක ගොඩනැගුවේ. ඒ නිසා අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න. ඒ වෙනුවෙන් අපි ක්‍රියා කරනවා. අද මේ රට ආර්ථික වශයෙන් බිඳ වැටිලා තියෙන, මේ රට ගොඩනගන්න. අපට සිද්ධ වෙනවා, අනෙකුත් සෑම ජන කණ්ඩායමක් එක්කම, එකට එකතු වෙන්න. ඒ ජන කණ්ඩායම් එක්ක බැදගන්න. එතෙන්දි නොයෙක් ප්‍රශ්න එනවා. අපිට පේනවා ඇතැම් අන්තවාදී කණ්ඩායම් ඇවිල්ලා උතුරේ, නැගෙනහිර, බෞද්ධ සිද්ධස්ථාන වලට හිරිහැර කරනවා. අනික් අයට හිරිහැර කරනවා. නොයෙක් දේවල් ප්‍රශ්න ඇති කරනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඒ ප්‍රශ්න වලට අපි යුක්ති සහගත විසඳුම් හොයනවා මිසක් අර අළුගෝසුවන්ට, අර චෞරයින්ට, අර ගෝත්‍රික පවුලට ඒකෙන් ඉදිරියට එන්න අපි ඉඩකඩ ලබා නොදෙන්න”

“දැන් මේ දවස්වල මේ පොහොට්ටුව කරන්නේ මොකක්ද සීඩී තැටියක් ගහලා. කුරුන්දේ විහාරය ගලවා ගත්තේ අපි කියලා. කුරුන්දි විහාරය. යකෝ රටේ පනස් ලක්ෂයක් බෞද්ධයෝ හිඟමනට ඇඳලා දාලා පහුගිය අවුරුද්දේ විතරක් 1890 ක් හාමුදුරුවරු ගෙදර යවලා. පන්සල් දහස් ගාණක ලයිට් කපලා. රටේ මිනිස්සුන්ව පාරට ඇදලා දාලා. කුරුන්දියේ එල්ලෙන්න උඹලට අපි ඉඩ තියන්නේ නෑ. කුරුන්දිය බේරගන්න එක අපි කරන්නම්. ඒ අන්තවාදීන්ගෙන් ඒක බේරගන්න එක අපි කරන්නම්. උඹලා වගේ අලුගෝසු රැලකට චෞරයෝ රැලකට ගෝත්‍රික පවුලකට රටේ සිංහල බෞද්ධ ධජය නැවත පාවිච්චි කරන්න අපි දෙන්නේ නෑ”

“රටට අවශ්‍ය කරන, රට ගොඩනගන සංවර්ධන ජාතිකවාදය අපි මේ එක්සත් ජනරජ පෙරමුණ හරහා ගොඩනගනවා. අපි කෙටියෙන්ම කිව්වොත් අපි ඊළඟ අවුරුදු තුනේදී බලාපොරොත්තු වෙන්නේ 2028 වෙනකොට රටේ ඖෂධ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුව, රටේ ආහාර ගැටලුව, රටේ බලශක්ති ගැටලුව කියන මේ ගැටලු තුන විසඳන එක”

“ඕනම දෙමළ තරුණයෙකුට, ඕනම මුස්ලිම් තරුණයෙකුට ඕනම සිංහල තරුණයෙකුට විවෘත වේදිකාවක් අපි එක්සත් ජනපද පෙරමුණෙන් ඇති කරලා තියෙනවා. කුසලතාවය, හැකියාවයි මත මේකේ කවුරුවත් යටින් කපන්න, උඩින් කපන්න, පවුලේ කට්ටිය ගේන්න, වෙන්ඩ ආර්යාවෝ ඔටුනු පළන්දන, කුමාර, කුමාරිකාවෝ කවුරුත් නෑ මේකේ. මේකේ ඔටුනු පළන්දන කුමාර කුමාරිකාවෝ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ඒ වගේම පක්ෂයට හිතවත් අය විතරක් නායකයට හිතවත් අය විතරයි කියලා දෙයක් නෑ. මේක පොදුවේ රටේ කුසලතාවය, කීර්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මතක තියාගන්න ඔය සෝවියට් දේශය ඇතුළු මාක්ස්වාදී රටවල් කඩා වැටුණේ හැකියාවට, නිර්මාණශීලීත්වයට කිසිම තැනක් නොදී, පක්ෂය වටා විතරක් මිනිස්සු ගොඩගහ ගත්ත නිසයි. එවැනි දේකින් රටක් ගොඩනගන්න බෑ. ඒ වෙනුවට, කුසලතාවයට, නිර්මාණශීලීත්වයට අපි අවස්ථාව දිය යුතුයි. අන්න ඒකට, මේ එක්සත් ජනතා පෙරමුණ විවෘත කරලා තියෙනවා. තාවකාලික ආලෝකයට ඇහැ ගිනිකණ වට්ටගන්න එපා. මේ රට වෙනුවෙන් ආලෝකය දල්වන්න ඉදිරිපත් වෙන්න. ඔබ කවර දේශපාලන පක්ෂෙක හිටියත් සමගි ජන බලවේගය , විපක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඔව්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්න පුළුවන් රාජපක්ෂලාගේ රැවටිලිවලින් ගැලවිලා එන්න, ඔබ වෙනුවෙන් මේ වේදිකාව ගොඩ නැගිලා තියෙනවා. ඒ වේදිකාවත් එක්ක අපි මේ රට මෙතනින් ගලවා ගමු. ගොඩ ගමු, ගොඩනගමු”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?