Latestදේශීය

සජිතගේ කතාව සහ වෛද්‍ය ප්‍රතිචාරය

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් කාරණයක් වුණු ජැක්සන් ඇන්තනි හා බැඳුනු ICU bed සම්බන්ධ කතිකාව නැවත වටයකින් කරලියට පැමිණියේ ඊයේ දින ජැක්සන්ගේ පුත් සජිත විසින් අදාල කාරණය සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනිගේ අවමංගල්‍යය අවස්ථාවේදී සිදුකළ ප්‍රකාශයත් සමගයි.

සජිත ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් විසින් තම මුහුණුපොතේ පෝස්ටුවක් පල කර ඇති අතර එම සම්පූර්ණ පෝස්ටුව පහතින් දක්වා ඇත.

අන්තිම සත දෙක

සද්දම නැතුව හිටියෙ ජැක්සන් කියන චරිතයෙ කලාකරු භූමිකාවට මම පට්ට ආදරේ නිසා..ඒත් සජිතගෙ වාක්‍යයෙන් පස්සෙ පත හෑල්ලක් ලියන්න හිතුන..

සිද්ධි 3යි..

ආසන්නම එක පහුගිය ජූනි 3..

FB එකේ වෛද්‍යවරුන්ගෙ ප්‍රයිවට් ගෲප් එකකට දාපු පෝස්‍ට් එකක් මේ පහල තියෙන්නෙ.. ඒකෙ ස්ක්‍රීන් ශොට් ගන්න තහනම්.එ නිසා පෝස්ට් එක ආයෙ දැම්ම

පීඩ් ICU බෙඩ් එකක් නැද්ද ලංකාවෙ කොහේ හරි….Status epilepticus බබෙක් ටියුබ් කරගෙන වෙන්ටිලේට් කරනව medazolam sedation එකකින්… Developmentally normal බබෙක්..Karapitiya rathnapura embilipitiya awissawella LRH,,sirimawo badulla nagoda… කියන හොස්පිටල් වල නෑ.. හැකිනම් උදව් කරන්න…

පෝස්ට් එක අවසන්…

මේ පෝස්ට් එක බලපු ගොඩක් වෛද්‍යවරු ට්‍රයි කලා ICU එකක් හොයල දෙන්න

වාට්ටුවෙ සියලු ස්ටාෆ් එක මේ බබාට කෘතිම ශ්වසනය මාරුවෙන් මාරුවට පැය 12ක් විතර දෙනගමන් අපි ICU bed හෙව්ව.. අවසානයෙ සිරිමාවෝ එකේ යම් සුවයක් ලැබූ දරුවෙක් එලියට දාල මේ දරුවව එහාට බාරගත්ත.. දරුවව අරන් ගියේ හෙලිකොප්ටරෙන් නොවේ. ඇම්බියුලන්ස් එකෙන්..දරුව මාසෙකට පස්සෙ මිය යනව..රත්නපුර දිස්ත්‍රික්කෙ ඇතුලෙ එක ඇඳක්වත් නෑ පොඩි එවුන්ට…LRH හරිඑකේ මුල් පැය දෙක තුනේ බෙඩ් එකක් තිබ්බනං දරුව බේරෙන ඉඩ වැඩිවෙන්න තිබ්බ.

2) 2016 දවසක මායි හම්බන්තොට ලසන්ත අබේවර්ණ කියන දොස්තර මල්ලියි ෆෝන් එකෙන් සයිටම් ප්‍රශ්නෙ ගැන කතාවෙවී ඉන්නකොට ඒ මල්ලි කියනවා.. බලන්න අයියෙ දැන් ඉන්න්නව කොල්ලෙක් තෙල් කරවලෙක් කාල, ටියුබ් කරල ඉන්නෙ..ලංකාවෙ කොහෙවත් ICU බෙඩ් එකක් නෑ.කොලඹICU කෝඩිනේටින් සෙන්ටර් එකෙනුත් නැහැ කිව්ව.දැන් ඒ මිනිස්සු කොළඹ ප්‍රයිවට් එකකට ගෙනියනව,ඇම්බියුලන්ස් එකට 50000යි,ICU care වලට දවසට ලක්ශෙ ගානෙ විතර..ගොවියෙක් තාත්ත.. ඉඩම උකස් කරන්න යන්නෙ කියල

උඹල දියතලාවෙන් ඇහුවද…මම ඇහුව…. නෑ අයියෙ.. ඌ කිව්ව..

මම එවලෙම දියතලාවට කතාකරා ..මගෙ නෑ සොහොයුරියක් එහෙ හිටියෙ වි වෛද්‍යවරිය ලෙස.. ඔවුන්ගෙ කවුරුත් විමසල නෑ..මම සම්බන්ධීකරනය හදල දුන්න පමනයි.

ඇය ඇතුලු ටීම් එක ඒ ලෙඩාව අරං හොඳ කරල ගෙදරත් අරින්න කටයුතු කලා..පරම්පරාවක් නයවෙන්න හිටපු එක ශේප් උනා 50000ක් විතරක් ගෙවල ආපු ඇම්බියුලන්ස් එක..

ICU බෙඩ් නැතිව දවසකට කීදෙනෙක් ලංකාවෙ මියෑදෙනව ඇතිද?

ඔය ගොඩක් ICU බලන වි වෛද්‍යවරු ලෙඩෙක් බාගෙට හොඳ උන ගමන් ඉතුරු වැඩ ටික වාට්ටුවෙ කරගන්න ප්ලැන දීල තව අලුත් ලෙඩෙක් ගන්නව…

ඔය ICU බෙඩ් එකක් මැනෙජ් කරන්න විඳින දුක දන්නෙ ඉන්නකෙවුන්…

ඒ නිසා මම දන්න කාලෙ ඉඳන් ICU බෙඩ් හිස් වෙන්නෙ නැ…

3) කහවත්තෙ ඉඳල ගියපු කන්සල්ටන් සර් කෙනෙක් දවසක් කියනව..අහවල්තොට රෝහලට කොවිඩ් කාලෙ ගෙන්නපු ICU උපකරන වල පැකින්වත් කඩල නෑ,,ස්ටාෆ් නැති බව දැන දැනත් මේව ගෙන්නල.. දැන් වොරන්ටි පීරියඩුත් ඉවරවෙන්න ලඟයි.අපරාධයක් කියල…ඔය පනිවුඩේ සජිතට දෙන්න්න ඕනෙ.. වෙන්ටිලේටරයක් කියන්නෙ යකඩ ගොඩක් විතරක් නොවන බව..

ජැක්සන්ගේ ජිවිතයේ කලා භූමිකාව වෙනුවෙන් ඔහුවෙනුවෙන් රෝහලක්ම මැදිහත් උනත් අපරාධයක් නොවේ..නමුත් අපි වගේ දූශිත නොදියුනු රටක එහෙම කරන්න පහසුකම් නෑ.එතරම් වටිනව ඔහු..ඒ නිසා ඔය දුන්නයි කියන වෙන්ටිලේටර් යකඩ ගොඩ දුන්නත් නැතත් ජැකාට උපරිමේ කරනව ,,ඒක සත්තයි….

ඒ වගේම ඔය දින 500 තුල අනෙක් ජනතාවට උන අපහසුතාව ගැන කතා කරපු අයගෙ පැත්තෙන් ඒක අසාධාරන සහ අමානුශික නෑ….මොකද ජැක්සන් කියන කලාකරුවට ආදරේ නැති මිනිහෙක් නෑ.. හැබැයි ඒකෙත් සීමාවක් තියනවනෙ…

“අපේ තාත්ත මට විතරක් අයිති අයෙක් නොවේ. ජාතික සම්පතක්,ඒ සම්පත විතරක් නෙමේ මොන දරුවෙක්ගෙ තාත්තකෙනෙක්වත් මිය යනවට මේ ලෝකෙ දරුවන් ආස නෑ.. ඒ නිසයි අපි බලාපොරොත්තු දල්වාගෙන බලා උන්නෙ.

ඒක අපේ අසරණ කම.

ඒ වගේම අපේ තාත්තගෙ ප්‍රතිකර්ම නිසා මේ රටේ දුක්විඳින මිනිස්සු කොටසකටත් ප්‍රතිකර්ම පමා වෙන්න ඇති,මගහැරෙන්න ඇති.. අනේ අපිට ඒකට සමාවෙන්න…අපි හැමෝටම තිබ්බෙ බලාපොරොත්තු..ඒ බලාපොරොත්තුව උනේ මේ රටම ආදරේ කරන මනුස්සයව ජීවත් කරවන්න..

මම සජිත උනානම්.. මම අවසන් කරන්නෙ මෙහෙම…….මම එහෙමයි තාත්තගෙ කීර්තිය රකින්නෙ..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?