Latestදේශීය

ජ්‍යෙෂ්ඨ උප සභාපතිකම ගන්න සූදානම් ද?

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු නැවත පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ නම්,පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීම සුදුසු බවට යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනකු සිටින අතර,දයාසිරි ජයසේකර මහතා එම තනතුර භාර ගතහොත් ,ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ගණන හතක් වනු ඇත

මේ අතර , දයාසිරි ජයසේකර මහතා පවුලේ අය සමඟ මේ වන විට විදේශගත වී සිටින බවද වාර්තා වේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?