Latestක්‍රීඩාදේශීය

තරුෂිගෙන් තවත් වාර්තාවක්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ පසුගිය 24 වනදා නව තරග වාර්තා 06 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙනුණි.

ඒ අනුව මෙවර තරගාවලිය ආශ්‍රිතව සටහන් වූ නව තරග වාර්තා සංඛ්‍යාව 07කි.

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් නොනැවතුණු ජාත්‍යන්තර ක්‍රීඩිකාවක වන තරුෂි කරුණාරත්න පසුගිය 24 වනදා දිනයේදී නව වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය. ඒ තම ඉසව්ව තත්.53.21ක තරග කාලයකින් අවසන් කරමිනි.

පසුගිය වසරේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී තමන් විසින්ම පිහිටුවා තිබුණු තත්. 54.22ක තරග වාර්තාව අලුත් කරමින් කැපී පෙනෙන්නට ඒ අනුව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලේ තරුෂි කරුණාරත්නට හැකි වූවා ය.

පොළොන්නරුව, ලංකාපුර ගල්අමුණ මහා විදුහලේ කවීෂ චතුමිණ කරුණාරත්න වසර 11ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට සමත් වීම ද ඒ අතරේ කැපී පෙනුණි.

අවුරුදු 20න් පහළ බාලක දුර පැනීමේ රන් පදක්කම දිනා ගත් කරුණාරත්න පිහිටුවන ලද නව තරග වාර්තාව මීටර් 7.52කි.

2012 වසරේ රත්නපුර කුමර විදුහලේ ඩබ්ලිව්. කේ. එම්. උදය කුමාර විසින් පිහිටුවා තිබුණු මීටර් 7.38ක වාර්තාව ඒ අනුව බිඳ වැටුණි.

මීට අමතරව කොළඹ විශාඛා විදුහලේ ඩිල්කි දෙව්මිණී කරුණාරත්න (අවුරුදු 14න් පහළ බාලිකා යගුලිය දැමීම – මීටර් 11.47), බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ තෙවිදු සංදිල් (අවුරුදු 18න් පහළ බාලක දුර පැනීම – මීටර් 7.27), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ධනංජනා ප්‍රනාන්දු (අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 100 -තත්: 12.62), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිලිනි නෙත්සලා රාජපක්ෂ (අවුරුදු 14න් පහළ බාලිකා දුර පැනීම- මීටර් 5.66) නව තරග වාර්තා බිහි කළහ.

පානදුර රාජකීය විදුහලේ ජයවි රන්හිද අල්විස් වයස 20න් පහළ යගුලිය දැමීම ඉසව්වේ දී මීටර් 16.64ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් පළමු වාර්තාව බිහි කිරීමට පසුගිය 23 වනදා සමත් වූයේය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?