Latestදේශීය

මහා විනාශයක් වූ පිටකොටුවේ ගින්න

පිටකොටුවේ ගින්න හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වයන් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඉන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බවය.

මේ අතර මෙලෙස හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් විෂ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් අසාත්මිකතා ඇතිවූවන් බවටද වාර්තාවෙයි.

සියලුම රෝගීන් වයස අවුරුදු 18 ත් 25ත් අතර පසුවන පුද්ගලයින් බවද වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසුවේ එම රෝගීන් කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගැනීම හේතුවෙන් ඔවුන්ට ඒ වනවිට සිදුවන්නට තිබූ ජීවිත හානි අවම වූ බවය.

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන මෙම ගින්න හටගත්තේය.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට ගින්න මුළුමනින්ම පාලනය කර ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?