Latestදේශීය

අරවින්ද ද සිල්වා විශේෂ සන්නාමයක්, ඒ අඩුව පුරවන්න කෙනෙක් බිහිකර ගැනීමට නොහැකි වීම පාඩුවක් – අර්ජුන රණතුංග

අරවින්ද ද සිල්වා යනු විශේෂ සන්නාමයක් බවත්, අරවින්ද ද සිල්වා වැනි ක්‍රීඩකයකු ලෙහෙසියෙන් බිහිවන්නේ නැති බවත් අර්ජුන රණතුංග මහතා පවසයි. වෙනත් ඕනෑම ක්‍රීඩකයෙකුට අනුප්‍රාප්තිකයකු වත්මන් ක්‍රීඩකයින් තුළින් බිහිකර ගැනීමට හැකි වුවත් අරවින්ද ද සිල්වාගේ තැන ගැනීමට හැකි ක්‍රීඩකයෙක් බිහිකර ගැනීමට නොහැකි වීම කන්ඩායමේ ශක්තියට බරපතල බලපෑමක් බවද රණතුංග මහතා පවසයි.

96 ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු කාන්තාවන් ඇසුරු කළ බව නමුත් ඔවුන්ගේ අංක එක, දෙක, තුන ක්‍රිකට් ක්‍රීඩාව වූ බවද හෙතෙම පැවසීය.

රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, චමින්ද වාස් වැනි අය බොහෝ ලස්සන ක්‍රීඩකයන් බවත් ඔවුන්ටද කාන්තා ඇසුරු තිබූ බවත් ඔහු පැවසීය.

අද කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ඇතත් ක්‍රිකට් අංක එක බවට පත් වී නැති බව ද ඔහු චෝදනා කළේය.

හිරු රූපවාහිනියේ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?