Latestදේශීය

කෙහෙළියට බැරිවූ දේ රමේෂ් කරයි ද?

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කළ බවත්, ඉදිරි මාස දෙක සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය වෙත සංදේශයක් යොමුකර අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් , සෞඛ්‍ය ආයතන මෙන්ම මූලික රෝහල්වල පවතින ගැටලු හදුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා ගැනීමේ අරමුණින් ( 27) නාරාහේන්පිට ජාතික ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේ දී රජයේ රෝහල්වල සියලු හිඟ බිල්පත් පියවීම සදහා කඩිනම් වැඩ පිළිවෙළක් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර සකස් කරන බවයි. සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් තමන් උපරිමයෙන් කැපවී කටයුතු කරන බවත්. ඒ වෙනුවෙන් සියලු නිලධාරීන්ගේ සහය තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ප්‍රධාන රෝහල් මෙන්ම ප්‍රාදේශීය රෝහල්වල පවතින වෛද්‍ය , හෙද ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල හිඟතාවය , රෝහල්වල පවතින ඖෂධ වර්ගවල හිඟකම , පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් කළමනාකරණය කරමින් ගැටලු විසදීම, ස්වස්ථා නව දත්ත පද්ධතිය පිළිබදව, ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමට ගතයුතු ක්‍රමවේදයන් හා මදුරු ව්‍යාප්තිය හදුනාගෙන එය පාලනයට පියවර ගැනීම, මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය පිළිබඳව ගත යුතු ඉදිරි පියවරයන්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම, විදේශීය රටවල පුහුණුව සදහා සහ රැකියාවන් සදහා යන වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට ඇති හැකියාව පිළිබදව ආදී කරුණු රැසක් වෙනුවෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ අතර එම ගැටලුවලට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසදුම් පිළිබඳවද මෙහිදී තීරණය කෙරිණි.

එමෙන්ම ගැටලු සදහා ලබා ගත් විසදුම්වල ප්‍රගතිය ඉදිරි සාකච්ඡාවකදී අවධානයට ගැනීමට ද මෙහිදී තීරණය විය.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?