Latestදේශීය

“Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව හා නාරා ආයතනය එක්වේ

දිවයිනට පැමිණ ඇති “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිය ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතු සහභාගී වීමට නියමිත බවය.

ඊට අමතරව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

පසුගිය 25 වන දින “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව දිවයිනට පැමිණි අවස්ථාවේ ඊට පරීක්ෂණ කටයුතු කිරීමට අවසර ලබාදී නොතිබූ නමුත් පසුව දින දෙකක කාලයක් පරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව, හෙට (30) සහ අනිද්දා (31) යන දෙදින තුළ මෙරට මුහුදු සීමාවේ බටහිර ප්‍රදේශයේ අදාළ නෞකාව සමග පරීක්ෂණ කටයුතුවල නිරත වන බව නාරා ආයතනය සඳහන් කළේය.

එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර එම පරීක්ෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදුකර තිබේ.

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරන පළමු අවස්ථාව මෙය ලෙසය සැලකේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?