Latestදේශීය

අද මාතෘකාව ඩයනා ගමගේ

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් අද දිනයේ නිශ්ප්‍රභා කර තිබේ.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු එකඟතාවය මත එම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලද බව අද විවෘත අධිකරණයේදී සභාපති විනිසුරුවරයා විසින් කියා සිටියේය.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති තැනැත්තියක් නිසා ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසු කමක් නැතැයි නියෝග කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ සමාජ ක්‍රියාකාරිකයකු ඔෂල හේරත් මහතා විසිනි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?