Latestදේශීය

VAT එකත් ඉහළට

රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ධුරයට පත්වීමෙන් පසුව 2022 ජූනි මාසයේ සිට අවස්ථා ගණනාවකදී ජනතාව මත විවිධ බදු පැටවීම් රැසක් සිදු කළ අතර ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු අනුපාතය 18% දක්වා ඉහල දැමීමට සහ එම බද්ද දැනට අදාළ නොවන භාණ්ඩ හා සේවා ගණනාවක් මත අලුතින් ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ.

(30) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය ලබා ගෙන ඇති අතර අද නිකුත් කළ රජයේ නිල කැබිනට් නිවේදනයෙන් මේ බව තහවුරු කර තිබේ. එම නිවේදනයේ අදාළ බදු ඉහල දැමීම් පිළිබඳව වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරා ගැනීමට හැකිවනු පිණිස” මෙම බදු ඉහල දැමීම් සිදුකරන බව ය.

මේ වනවිට උද්ධමන අනුපාතිකය ඉතා අවම අගයකට ගෙනවිත් තිබෙන බව ප්‍රකාශ කරන ආණ්ඩුව මෑතදී ඉන්ධන මිල, ජල ගාස්තුව සහ විදුලි ගාස්තුව ඉහළ දමනු ලැබීය. එයින් නොනැවතී පවතින එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බදු අනුපාතිකය ඉහළ දැමීමට සහ එම බදු දැළ තවදුරටත් පුළුල් කිරීමට පොහොට්ටුවේ ඇමතිවරනුගේ අනුමැතිය ලබා ගෙන තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?