Latestදේශීය

නාමල් නිදොස්කොට නිදහස්

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි බව සඳහන් කරමින් ගවර්ස් කෝපරේට් සමාගම සම්බන්ධ මූල්‍ය වංචා නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනා සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බවත් විනිසුරු නවරත්න මාරසිංහ සිය නියෝගය ලබාදෙමින් පවසා ඇත.

එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීවට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙසද විනිසුරු මෙහිදී නියෝග කර තිබේ.

එමෙන්ම ප්‍රභාත් කරුණාජීව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි නාමල් රාජපක්ෂට චෝදනාව එල්ල වී තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?