Latestදේශීය

සමාගම් 5ක මත්පැන් බලපත්‍ර අළුත් කරන්නේ නැහැ – සුරාබදු දෙපාර්ථමේන්තුව

හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක බලපත්‍ර යළි අලුත් නොකරණ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසන්නේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කරන බවය.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන්වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මත්පැන් නිෂ්පාදන ආයතන 05ක මත්පැන් නිෂ්පාදනය මෙසේ නැවතුණද තවත් මත්පැන් නිෂ්පාදන ආයතන පවතින හෙයින් වෙළෙඳපොළේ මත්පැන් හිඟයක් ඇති නොවන බවද ඔහු පවසයි.

මේ අතර, පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙලේ කුප්‍රකට අරක්කු සමාගම් 09කින් ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට බදු වශයෙන් අය විය යුතු රුපියල් හයසිය විසිදෙකෝටි පහලොස්ලක්ෂ හැත්තෑ දෙදහස් එකසිය හතලිස් හතක (රු. ‭6,221,572,147‬) මුදලක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 622ක මුදලක් නොගෙවා පැහැර හැර ඇති බව මීට මාස කිහිපයකට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකු්ත කළ නිවේදනයක සඳහන්ව තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?