Latestදේශීය

Street Foods සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරනවා

වීදි ආහාර හෙවත් street foods විකිණීම සඳහා ඉදිරියේ දී නිසි ක්‍රමවේදයක් සකස් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දැනට කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනප්‍රිය මෙම street foods අවන්හල් බොහෝ රටවල ක්‍රියාත්මක ජනප්‍රිය ක්‍රමවේදයක් බවද හෙතෙම පැවසීය.

රජය කිසිම අවස්ථාවක එම අවන්හල් ඉවත් නොකරන බවත් ඒ සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවද පැවසීය. කිඹුලා ඇල ප්‍රදේශයේ වීදි ආහාර විකුණන street foods අවන්හල් එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා  මේ බව කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ, ඇතැම් වීදි ආහාර අවන්හල් සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.
මගීන්ට සහ රථ වාහන වලය අවහිරයක් නොවන පරිදි මෙම කටයුතු සිදු කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?