Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් අර්බුදයෙන් ගේම් ගහන අය ක්‍රිකට් තවත් විනාශ කරනවා – විජිත හේරත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මතුව ඇති ප්‍රශ්නය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ විවිධ ඇමතිවරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක වෙනත් පැත්තකට අදිද්දීත් ක්‍රීඩා ඇමතිගේ මැදිහත්වීම පිළිබඳව ස්තුතිවන්ත වන්නේ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමිණි.

එහිදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ක්‍රිකට් මණ්ඩලයේ ප‍්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ දිග්ගැසෙන ප‍්‍රශ්නයක්. ක්‍රිකට් බෝඩ් එක පැත්තකින් මුදලටත්, අනෙක් පැත්තෙන් දේශපාලනයටත් යටවෙලා තිබෙන්නේ. මේ ක්‍රිකට් බෝඩ් එක හරහා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මාෆියාවකට අහුවී තිබෙන බව මේ රටේ කවුරුත් දන්නවා. ක්‍රීඩකයෝ තම රට වෙනුවෙන් උපරිම දක්ෂතාවයෙන් ක්‍රීඩා කරනවා. නමුත් ක්‍රිකට් බෝඩ් එකේ පරිපාලකයෝ මුදල් හා දේශපාලනය ඉලක්ක කරගනිමින් ගේම් ගහනවා. පාර්ලිමේන්තුවේදි හා කෝප් කමිටුවේදී අවස්ථා ගණනාවකදීම ක්‍රිකට් බෝඩ් එක කැඳවලා බෝඩ් එකෙන් ප‍්‍රශ්න කර, දූෂණ වංචා පිළිබඳව විමර්ශනය කළා. ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්වූ අවස්ථාවේ රටේම අවධානය යොමු වූ අවස්ථාවේ මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකොට ක්‍රීඩා ඇමතිතුමා ඍජුව තීන්දු තීරණ ගැනීමට මැදිහත් වුණා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ විවිධ ඇමතිවරු, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා-සාගල රත්නායක වෙනත් පැත්තකට මේ ප‍්‍රශ්නය අදිද්දීත් ක්‍රීඩා ඇමතිතුමාගේ මැදිහත්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.

මේ මාෆියාව නිසාම ක්‍රිකට් ක්‍රීඩාව අගාධයට තල්ලු වී යාම හේතුවෙන් ජනතාව ඉතාම කනස්සල්ලෙන් සිටිනවා. දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රට වෙනුවෙන් සෙල්ලම් කරන විට ක්‍රිකට් පරිපාලනයේ සිටින දූෂිත නිලධාරීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාවත්, ජයග‍්‍රහණයත් රටට අහිමි වෙනවා. මේ මාෆියාව පිළිබඳව බොහෝ කරුණු හෙළිදරව් වී තිබුණා. ක්‍රිකට් කමිටුවේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවන විට කෝප් කමිටුවට පැමිණීමට ඔවුන් බැඳී නැති බව ප‍්‍රකාශ කරමින් කෝප් කමිටුවට සම්බන්ධ වුණේ නැහැ. පසුව ලිපි මගින් නීත්‍යානුකූල බව පැහැදිලි කළාට පසුව තමයි කමිටුව හමුවට ඔවුන් පැමිණියේ.

සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සභාපති ධුරය දරන අවස්ථාවේ තුන් වතාවක් ක්‍රිකට් බෝඩ් එක කැඳවලා මේ ක්‍රිකට් බෝඩ් එකේ තිබෙන දූෂණ වංචා පිළිබඳ විමර්ශනයක් කළා. එයින් එකක් තමයි විකාශන අයිතියේදී ඩොලර් මිලියනවලින් කරන වංචාව. මේ පිළිබඳව ෆොරන්සික් ඔඩිට් එකක් කළා. ක්‍රීඩා ඇමති තුමා ඊයේ කිව්වා ෆොරන්සික් ඔඩිට් එකක් කරන්න කියලා. කෝප් කමිටුවට ඒ වාර්තාව ඇවිත් තිබෙන්නේ. කොප් කමිටුවෙන් ඒ වාර්තාව මත පදනම් වෙලා එතනින් එහාට විමර්ශනයක් කෙරුනේ නැහැ. දේශපාලනයෙන් ආණ්ඩු වෙනස් වුණා. එක එතනින් නතර වුණා. දැනටත් විකාශන අයිතිය පිළිබඳව ක්‍රිකට් බෝඩ් එක කළ වැරදි පිළිබඳව කෝප් කමිටු වාර්තාවක් තිබෙනවා. එය විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කළ ෆොරන්සික් රිපෝට් එකක්. ඒ මත තවදුරටත් වත්මන් කෝප් කමිටුවට විමර්ශනය කළ හැකියි.

මේ අය හදාගෙන තිබුණා ක්‍රිකට් ඒඩ් කියා එකක්. ක්‍රිකට් බෝඩ් එකේ ඒ අය නිල සාමාජිකත්වයෙන් ඉවත් වුණත් ඒ අය ලයිෆ් ටයිම් ඒ කියන්නේ ක්‍රිකට් බෝඩ් එකේ නිල සාමිජිකත්වයෙන් අයින්වෙලා ගියත් පුද්ගලිකව ඒ අයට මේ ආධාර අරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් වගන්ති එහි තිබුණා. මේක ක්‍රිකට් බෝඩ්එකේ කම්පියුටරයේ විතරයි තිබුණේ. ඒ කෝප් කමිටුවේ විමර්ශණයේදී එවකට හිටපු සභාපතිවරයා අහනවා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඔයාල කොහොමද එහෙම එකක් තියෙනවා කියල ඔප්පුකරන්නේ කියලා. ඒ වෙලාවේ තරුණ විගණන නිලධාරියෙක් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරයකරන නිසාම මේකට සහභාගිවෙලා තිබුණා. ඔහු කිව්වා මම ඔයාලගේ පරිඝණක හැක් කළා කියල. එහෙම කරල තමා මම තොරතුරු ගත්තේ කියලා. කෝප් කමිටු වාර්තාවේ එය තියෙනවා. වාර්තා තුනක් තියෙනවා කෝප් කමිටු වාර්තාවේ මේ ක්‍රිකට් බෝඩ් එක ගැන. සභාපතිවරයා කියනවා ඔප්පුකරන්න කියලා. ඔහු හිතුව ඔවුන්ගේ කම්පියුටරේ ඇතුළෙ විතරයි තියෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී තමා ඔඩිට් නිලධාරියා කිව්වේ මම එය හැක්කරල තොරතුරු ගත්තා කියා. ඊට පසු සභාපතිවරයා උත්තර දීගන්න බැරිව ගොත ගැහුණා. උත්තර දෙන්න බැරිවුණා. ඒ සභාපතිවරයා මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්. එහිදී ඉතා වැදගත් කරුණු ගණනාවක් හෙළිවුණා. පසුව කොප්කමිටුවේ තීරණයක් අරගෙන එය නැවැත්වුවා. නමුත් ඒ මූල්‍ය ගනුදෙනු සිදුවුනා. එපමණක් නොව ක්‍රිකට්වලට පමණක් නොව ක්‍රිකට්වලට විශ්වවිද්‍යාලයක් ආරම්භකරන්න කියල මහනුවර ගොඩනැගිල්ලක් අරගෙන එතන කළ පොරොන්සික් ඔඩිට් එකක් කෝප් වාර්තාවේ තියෙනවා. මිලියන ගණන් වියදම් කළා.

ඇත්තටම ගත්තොත් මේ කෝප් කමිටුවේ මීට පෙර ක්‍රිකට් බෝඩ් එක පිළිබඳව වාර්තා තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ කොප් කමිටුවේ වාර්තාවේ තියෙනවා ක්‍රිකට් බොඩ්එක ගැන කළ විමර්ශණ තියෙනවා. විගණන වාර්තා ඉදිරිපත්වෙලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීමේදී මෙතෙක් ඒවා ක්‍රියාත්මකවෙලා නැහැ.

ප‍්‍රශ්නය තියෙන්නේ මේක අරක් ගෙන තියෙන පවුල් කීපයක් තියෙනවා. ඒ සුමතිපාල පවුල, ධර්මදාස පවුල, කියන්න කණගාටුයි රණතුංග පවුල. ඔබතුමා කිව්වා ඔබතුමත් උප සභාපතිවෙලා සිටිය කියලා. නිසාන්ත රණතුංග ලේකම්. අර්ජුන රණතුංග දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු පිළිබඳව රටේ ජනතාවගේ ආදරයක් තියෙනවා. නමුත් පරිපාලනයට එතුමා සුදුසු ද නැද්ද කියන එක වෙනම ප‍්‍රශ්නයක්. විවාදයක්. මේ අය පමණ ද තනතුරු දරන්න ඕන. එතන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ඇත්තම ගත්තොත් මේ ක්‍රිකට් බෝඩ් එක අද සූදුවක් වෙලා. සුදුව ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන රැකවරණය සමගයි. එසේ නැත්නම් මේකට තීන්දු තීරණ මීට කලින් ගන්නවා. ඒ නිසයි රොෂාන් ඇමතිතුමාට ස්තුති කළේ. දේශපාලන රැකවරණ මැද්දේ ආරක්ෂාවෙමින් තිබූ මෙයට ඔබතුමා ඒ සඳහා යම් කාර්යභාරයක් කරන්න හදනවා. එහිදී තවමත් කකුලෙන් අදිනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා මේ තීන්දුව වෙනස්කරන්න දරපු උත්සාහය මුළු රටම දන්වා. එය තමා නිමල් සිරිපාල ඇමතිතුමාගෙන් දැන් එලියට ආවේ. එතුමා කියන්න හදනවා ඇමතිවරයා හැටියට ගත් ක්‍රියාමාර් හරි නැහැ. වැරදියි. රටේ ජනමතය නිසා තමයි අපි මේකට සපෝට් කරන්නේ. හැබයි ගත්ත ඒවා වැරැදියි කියල කියනවා. මේගොලො කියනවා ඇමතිවරයාට කරන්න තිබුණේ මේක නෙවෙයි කියලා. ඒක නොවේ නම් කැබිනට් මණ්ඩලය විදිහට සාමූහික තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕනනේ. ඔය කියන කරුණු පැහැදිලි කිරීම කැබිනට් එකට කරන්න එපාය නිමල් සිරිපාල ඇමතිවරයා. රොෂාන් ඇමති ක්‍රියාමාර්ග අරගෙන හැප්පෙන කොට දැන් ඒකේ අනික් පැත්තෙන් අදින්න ඔන නිසා නිමල් සිරිපාල ඇමතිවරයා මේකේ වෙනත් කරුණු ඉදිරිපත් කරනවා. ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබුණා නම් ඔය කරුණු ඉදිරිපත් කරන්න තිබුණේ මෙතෙන්ට නොව කැබිනට් මණ්ඩලයටයි. එහෙම කරන්නේ නැහැ. හරිපැහැදිලියි ක්‍රිකට් බෝඩ් එක පැත්තේ ජනාධිපතිවරයා සහ නියෝජිතයෝ ඉන්නවා. එයයි ඇත්ත රහස.

අධිකරණයේ තීන්දුව ලබාදීම ගැන රටේ ජනතාවට බරපතල සැකයක් ඇතිවී තිබෙන්නේ ඇයි? ඔබතුමාම කරාටේ සංගමය පිළිබඳව අතුරු මණ්ඩලයක් දැම්මා. උසාවි ගියා. නමුත් උසාවිය අද වෙනකම් අතුරු නියෝගයක් දීලා නැහැ. මෙයට පමණක් දවසින් අතුරු නියෝගයක් දුන්නේ කොහොමද? ඒ අනුව ජනතාවට සැකයක් එනවා.
ෆුට්බෝල් ප්‍රෙඩරේෂන් එක පිළිබඳවත් මේවගේ ප‍්‍රශ්නයක් තියෙන්නේ. රටේ ඩොලර් මිලියන ගණන් ජාත්‍යන්තර මුදල් එන තැනක්. ඒ නිසා එයත් දූෂණ වෙලා තියෙන්නේ. කූසලා සරෝජනී ප‍්‍රමුඛත්වයෙන් කමිටුවක් පිිහිටෙව්වා. විමර්ශණය කළා වාර්තාවක් පිටවුනා. කණගාටුවට කරුණ ඒ කාරණා මත පදනම්ව ක්‍රියාත්මක වෙලා නැහැ. එවිට ආපසු පත්වෙන්නේ පරණ අයමනේ. එදා වෙන්වෙලා දෙපැත්තට වෙලා ගහගත් අය ෆුට්බෝල් ප්‍රෙඩරේෂණ් එකේ වත්මන් සභාපතිවරයයි අනිකුත් නිලධාරි මණ්ඩලයයි දෙපැත්තට බෙදිලා හොරුයි කියාගත් අය. මේ වාර්තා පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍යයි.

දැන් තියෙන ප‍්‍රශ්නය ගත්තොත් ඔබතුමා පත්කරපු අතුරු කමිටුව හොඳයි. පත්කළ අය ගැන සැකයක් තියෙනවා. විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගේ පුතා පත්කළේ අයි? මුසාමිල් ආණ්ඩුකාරතුමාගේ පුතා පත්කළේ ඇයි? නැවත ධර්මදාස පවුලෙ කෙනෙක් පත් කලා නේ. උපාලි ධර්මදාස පත් කළා. අර්ජුන රණතුංග පත්නොකළා නම් හොඳයි. එතුමා මේ ක්‍රිඅකට් මණ්ඩලයට ඡන්දය ඉල්ලපු කෙනෙක්. ඒ නිසාම මෙතන ගැටුමක් තියෙනවා. ඒනිසා පාර්ෂව දෙකක් ඇතිවෙලා තියෙනවා. ඔබතුමා ෆයිට්කරපු එක හොඳයි. නමුත් අතුරු පාලක මණ්ඩලය පත්කරපු එක පාවිච්චියට අරගෙන ඔබතුමාගේ නිර්භීත කම අරගෙන වෙන කවුරු හරි ගේමක් ගහන බව පේනවා. ඒ පිටිපස්සේ ඉන්නේ කවුද කියල ඔබතුමා හොඳට බලන්න. ඔබගේ අවංක උත්සාහය පාවිච්චිකරලා වෙන අය මේක ඇතුළේ ගේම් ගහනවා නම් ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ නැහැ.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?