Latestක්‍රීඩාදේශීය

අතින් වියදම් කරලා හරි ක්‍රිකට් ගොඩදාන්න සූදානම් – අර්ජුන රනතුංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් නිවැරදි මාවතට ගැනීම සඳහා තම අතින් වියදම් කර හෝ අධිකරණය හමුවට ගොස් උත්සාහ දරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

උත්සව සභාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

“කොහොමද මේ තත්ත්වයට අපිට මුහුණදෙන්න සිද්ද්වුණේ. කවුද මේක යට ඉන්නේ එව්වා තමයි අපි හොයන්න ඕනේ. රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා හෙට. මම එතුමන්ගෙන් ඉල්ලනවා මේක තහනම් වෙන්න කවුද අඩිතාලම දැම්මේ, රට ගිහින් දුන්නු ස්ටේට්මන්ට් මොනවා ද ? එහෙම කරලා අපේ රටේ ක්‍රිකට් එක විනාශ කරන්න හැදුවේ කවුද ? ඒ පුද්ගලයින්ට මොනවගේ ද දඬුවම් දෙන්නේ. ? ”

“මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක. අපේ ක්‍රීඩකයෝ 80 දෙනෙක් ඉන්නේ පිටරට. මේ හොඳම ක්‍රීඩකයෝ ටික. ඇයි ඒගොල්ලෝ යන්නේ, මේ රටට ආදරේ නැතිකමට නෙවෙයි නේ. ඒගොල්ලොන්ට අපි අවස්ථාවක් දීලා තියෙනවාද. මට ක්‍රීඩකයෝ 8 දෙනෙක් කතාකරලා කිව්වා අයියේ අපි කරලා දෙන්නම් කිව්වා සල්ලිත් එපා කිව්වා. අපි ගෙවනවා ඩොලර්වලින් පිටරට පුහුණුකරුවන්ට. කරන දේකුත් නෑ, දැන් පෙන්වා නේ, ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ. ඔය කතාකරන ක්‍රිකට් පරිපාලනය තමයි හොඳටම කරලා තියෙන්නේ. අපි ඊයෙත් දැක්කා. මම ක්‍රීඩකයින්ට මුකුත් කියන්නේ නෑ. මේ දරුවෝ ටික හදාගන්න ඕන. මට තිබුණා එක චෝදනාවක් කැප්ටන් කරනකොට මම සැරයි කියලා, ඔව් මම සැරයි. අපි රට නියෝජනය කරනකොට අපි දැනගන්න ඕන මිලියන 22ක් අපි නියෝජනය කරනවා කියලා. එතකොට අපිට වගකීමක් තියෙනවා. ඒ දවස්වල රෑ 10න් පස්සේ කාටවත් එළියේ ඉන්න බෑ. කාමරෙන් එළියේ ඉන්නත් බෑ. අහුවුණොත් ගෙදර එවනවා. මොකද විනය කියන එක තමයි අපේ රටේ නැතිවුණේ පහුගිය කාලේ . මේක හදන්න ඕන ජාතික කණ්ඩායමට ආවම නෙවෙයි, චූටි දරුවාගේ ඉඳලා. ඒක හදන්න ඕන අම්මා තාත්තා, පාසලේ පුහුණුකරුවා. සනත්, වාස්, මුරලි, දුලිප් ඔය සියලුම දෙනා හැදුනේ ඒ ක්‍රමවේදයකින්.

රොෂාන් ඇමතිතුමා මට කතාකරලා කිව්වා අයියේ මට ක්‍රිකට් ටික හදලා දෙන්න කියලා. මම කිව්වා මම ක්‍රිකට් පැත්ත බලන්නම්. තව කණ්ඩායමක් හදලා පරිපාලනය පැත්ත බලන්න. මම මේ රටේ ක්‍රිකට් 96 තිබ්බ ගාණට මම ගෙනල්ලා දෙන්නම් මම ඒ වගකීම ගන්නම් කිව්වා.මම සහ අනිත් නිලධාරීන් ගිහිල්ලා අපි හැදුවා කොයි විදියට ද ඉක්මණට මේක වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ඒ සැලසුම් ටික මට ගෙදර අරගෙන යන්න සිද්ධවුණා. මට මේකට අතගහගෙන මැරෙන්න යන්න ඕන නෑ. හැබැයි මේ රටේ ක්‍රිකට් විනාශ කරන්න මූලික වශයෙන් මේ රටේ ක්‍රිකට් පරිපාලනය වගකියන්න ඕන. ඒ ගොල්ලෝ කරලා තියෙන දේ මම කියන්න ඕන නෑ. විගණකාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා මොනවගේ විනාශයක් ද කරලා තියෙන්නේ කියලා.”

ක්‍රීඩා අමාත්‍යවරයා හොරකම නවත්වන්න හදනකොට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතුව. ආණ්ඩුව විපක්ෂය එක තැනකට ආවා. මේ රටේ යුද්ධයක් පැවති කාලයේ එක දවසකට හරි ඒක නැවැත්තුවේ 96දී අපි 11ක් ක්‍රීඩා කරන හින්දා. ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා. ඒක අර්ජුන රණතුංගගේ ටීම් එකවත් අර්ජුන රණතුංගගේ ක්‍රිකට් පරිපාලනය වත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සෙල්ලම් කරනකොට LTTEය යුද්ධය නවත්වලා ක්‍රිකට් තරගය බැලුවා.”

@ Ada derana

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?