Latestදේශීය

සනත්ට යලිත් සිතාසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (13) නියෝග කර තිබේ.

මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා, අසා‍ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවා තිබිණි.

එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම සහ පෙත්සම් කාර මෙන්ම වග උත්තර කාර සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට දින නියම කර ඇත.

මෙම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී වග උත්තර කාර සනත් නිශාන්ත අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය වග උත්තර කාර සනත් නිශාන්ත වෙත යළිත් සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.

ඉකුත් වසරේ අගෝස්තු මස 25 වනදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලයකට සමයේ අරගල කරුවන්ට ඇප ලබා දීමේ දී මහෙස්ත්‍රාත්වරු අනුගමනය කළ ක්‍රියා පටිපාටිය විවේචනය කිරීම තුළින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අධිකරණයට අපහාසයක් සිදුරක ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් 03 ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනා විසිනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?