Latestදේශීය

බුදු දහමට අපහාස කළ අයවැයක් – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු ක⁣ළේ නිග්‍රහයක් බවත්, IMF සමඟ එළඹි ගිවිසුමෙහි ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම හේතුවෙන් එහි දෙවැනි වාරිකය ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති මොහොතක ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත්, අපායක් පිළිබඳ නිරන්තරයෙන් කියමින්, පාලකයින් දිව්‍ය ලෝකයට ගෙන යන්නට කටයුතු යොදා ඇති මේ අයවැය සැබවින්ම ජනතාව රැවටීමට ගත් තවත් උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අයවැයෙහි දැක්වෙන වැඩ කරන ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ පිළිබඳ කතා කිරීමට පෙර, 2022 වර්ෂයේ ඉදිරිපත් කළ අයවැය යෝජනාවල අඩංගු වූ කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරීමට හැකිවූවාද යන්න යළිත් සිතා බැලිය යුතු බවත්, ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට 17,800 දක්වා වැඩි කරන බවට අයවැය යෝජනාවේ සඳහන් වුවත්, එම කරුණ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7,500 – 10,000 දක්වා ප්‍රමාණයක් ලෙස බවත් මෙය ජනතාව නොමග යැවීමක් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, අයවැය කතාවේ ඇතැම් අංශ පිළිබඳ දත්ත මන්ත්‍රීවරුන්ට ලබා දීමටත් පෙර මාධ්‍ය වෙත ලබාදීම තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පවා අභියෝගයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එය රටේ ජනතාව රැවටීමට යොදාගත් මාධ්‍ය සංදර්ශනයක් බවයි.

Lirneasia සංගණනයට අනුව ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් දුප්පත්කම වැඩි වී ඇති බවත්, අස්වැසුම පවා විද්‍යාත්මක නොවන වැඩසටහනක් වීම හේතුවෙන් නිසි ප්‍රථිඵල ලගාකර ගැනීමට නොහැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?