Latestදේශීය

අපේ ආධ්‍යාත්මය ඉල් විරුවන් – අනුර කුමාර දිසානායක

බලය ලබා ගත හැකි බවට සමස්ත සමාජය තුළින්ම විශ්වාසයක් ගොඩනැගී ඇති වටපිටාවක  අන් කවරදාටත් වඩා ඉල් මහ විරුවන් සිහිකිරීමේ අවශ්‍යතාවය තමන් ඉදිරියේ ඇති බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පොදු සමාජ අරමුණ වෙනුවෙන්, පොදු සමාජයේ යහපත වෙනුවෙන් සියලු පෞද්ගලික දේ අත්හල අවසානයේදී තම දිවිකුසුම පවා මේ සමාජයේ යහපත් පරිවර්ථනයක් වෙනුවෙන් පූජාකළ 88/89 විරුවන් සිහි නොකොට ලබාගන්නා ජයග්‍රහණ හුදු ආන්ඩුමාරු පමණක් වන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

ජනතාවගේ ආශිර්වාදයෙන් ජයග්‍රහණ ලබාගත හැකි වටපිටාවක ඇයි මේ 88/89 සමරන්න උත්සාහ කරන්නේ කියා ඇතැම් හිතවතුන් විමසන බවත් එම හිතවතුන්ගෙන් විමසන්නට ඇත්තේ අපට ආලෝකය දුන්, අපට පරමාදරශය සැපයූ, අපට ආධ්‍යාත්මය වූ ඒ විරුවන් සිහිනොකොට අපි අන් කවරක් සිහිකරන්නද යැයි ද දිසානායක මහතා පැවසුවා.

මහරගම යොවුන් රඟහලේදී පැවති 34 වන ඉල් මහ විරු සමරුව අමතමින් දිසානායක මහතා මෙම අදහස් පලකළා.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නායකයින් සැමරුම ඇමතුවා.

අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණ කතාව පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?