Latestදේශීය

මහනුවර සහ දියතලාව තැපැල් කාර්යාලත් හෝටල්වලට

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිලිවලට අමතරව, දියතලාව සහ ගාල්ල තැපැල් කාර්යාල පිහිටි පෞරාණික ගොඩනැගිලිද නාගරික සංවර්ධන අධිකාරිය හරහා හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ උක්ත ගොඩනැගිලිවලට අමතරව, නුවරඑළිය සහ මහනුවර පිහිටි තවත් ඓතිහාසික ගොඩනැගිලි තුනක්ද හෝටල් ව්‍යාපෘති සදහා ලබා දීමේ සූදානමක් ඇති බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

ඒ අනුව නුවරඑළියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ වරාය අධිකාරියට අයත් බංගලා දෙක සහ මහනුවර පිහිටි ඇහැලේපොල වලව්ව, හෝටල් ව්‍යාපෘති සදහා ලබා දීමට නියමිත අනෙකුත් ගොඩනැගිලිය.

දියතලාව සහ ගාල්ල තැපැල් කාර්යාල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබේ.

නුවරඑළිය තැපැල්කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග මත තැපැල්පතිවරයාගෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන ඇතැයිද ගොඩනැගිල්ල සහ අක්කරයක පමණ භූමිය හෝටල් ව්‍යාපෘතිය සදහා ලබා දෙනු ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිටත් රට පුරාම ජනතාවගේ දැඩි විරෝධයක් මෙම ගොඩනැගිලි හෝටල් ව්‍යාපෘති සඳහා පැවරීමට එරෙහිව පැන නැගී ඇති අතර විශේෂයෙන් නුවරඑළිය තැපැල්කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුළු බොහෝ ජනතාව සිය විරෝධය එල්ල කමින් සිටී.

මෙම ගොඩනැගිල්ල එම හෝටල් ව්‍යාපෘතිය සඳහා ලබාදීම වලක්වන ලෙස ඉල්ලා නුවරඑළිය පොදු දේපොළ සුරැකීමේ සංවිධානය සහ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් මේ වනවිට නුවරඑළිය දිසිත්‍රික් ලේකම් වෙත මහජන පෙත්සමක්ද භාර දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?