Latestදේශීය

නුවරඑළිය තැපැල් කාර්යාලය රැකගන්න සංදේශයක්

(රංජිත් රාජපක්ෂ)

වසර 130 ක පෞරාණික වටිනාකමින් යුතු නුවරඑළිය තැපැල්  කාර්යාලය තැපැල් දෙපාර්තුමේන්තුවේ වැඩ කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට භාර නොදී සංරක්ෂණය කර දෙන මෙන් ඉල්ලා සර්ව ආගමික නායකයන් , නුවරඑළිය තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති නියෝජිතයන් , රාජ්‍ය අංශය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් , ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් හා මහජනතාව විශාල පිරිසකගේ අත්සනින් යුතු සන්දේශයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.

තැපැල් වෘත්තිය සමිති හා රාජ්‍ය සේවක වෘත්තීය සමිති සමග සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මෙම සංදේශය දිස්ත්‍රික් ලේකම්වරයාට භාර දී දිස්ත්‍රික් ලේකම්වරයා හරහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන ලෙස ඉල්ලා සිටියහ.

දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සන්දෙශය භාරදීමෙන් පසු සන්දේශය භාරදිමේ අරමුණ පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් පැවැත්විණ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නුවරඑළිය පොදු දේපල සුරකීමේ සංසංවිධානයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්සක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දඹගොල්ලේ  සෝමානන්ද හිමිපානන් සහ නුවරඑළිය තැපැල් හා විදුලි සන්දේශ වෘත්තීය සමිතියෙ නුවරඑළිය ශාඛා ලේකම් හා නුවරඑළිය සහකාර තැපැල් ස්ථානාධිපති අජන්තා හිටිහාමු මහත්මිය කියා සිටියේ,

දැන් දෙපාර්තමේන්තුවට වැඩිම ලාභයක් උපයන හා සංචාරක ආකර්ෂණය දිනාගත් වසර 130 කි පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් කිසිදු ව්‍යාපාරික කටයුත්තකට යොදා නොගෙන තැපැල් කාර්යාලයක් හා තැපැල් කෞතුකාගාරය හැටියට ප්‍රතිසංස්කරණය කරමින් රැක දීමට අවශ්‍ය කටයුතු කරන මෙ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ,

මෙම තැපැල් කාර්‍යාලයට අතිවිශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන මෙය පෞරාණික තැපැල් කාර්යාලය බැවින් මිස හෝටයක් කරානම් ඒ සංචාරක ආකර්ෂණය මුළුමනින්ම නැති වල යනවා ,

අද දිසාපතිවරයාට භාඑඅ දුන් සංදේශය ජනාධිපතිවරයාගේ අතුරු ලැබුණු විගස සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි පේක්ෂා කරන බවයි ,

මේ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබඩ  මහතාගෙන් අප කළ විමසුමකට දිසාපතිවරයා කියා සිටියේ තැපැල් හා අනෙකුත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හා ස්වේච්ඡා සංවිධාන රැසක් අත්සන් තබා තැපැල් කාර්යාලය රැකගෙන මේ ජනපතිවරයාට ඉල්ලීමක් කළ ලබාදුන් සංදේශය අද දින බාර ගත් අතර එම සංදේශය ජනාධිපතිවරයාට රාජකාරිමය  වශයෙන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?