Latestදේශීය

තියුණු ආයුධයකින් පහර ‌දීම නිසා දෙදෙනෙක් බරපතල තුවාල ලබයි

පන්නිපිටිය ප්‍රදේශයේ පොත් අලෙවිසැලකදී, තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් එහි හිමිකරු සහ තවත් අයෙකු තුවාල ලබා ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම පොත් අලෙවිසැල වෙත පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

සැකකරු මෙම පහරදීම සිදුකරන අවස්ථාවේ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා එහි පැමිණි අසල්වැසියෙකුද බරපතළ තුවාල ලබා ඇත.

ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයට බරපතළ සිදුව ඇති බවට වාර්තා වේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?