Latestදේශීය

පිළිකා එන්නතක් විද්දානම් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය වෛද්‍ය සැපයීම් අංශයට සැපයු Isolez Biotech Pharma AG සමාගම විසින් ලබාදුන් Rituximab 500mg පිළිකා එන්නත් ලබා ගත් සියලුම රෝගීන් ගැන තොරතුරු රැස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර ඇත.

ඒ, අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් Rituximab Inj 500mg යන මෙම ඖෂධය ලබා ගත් සියලුම රෝගීන්ගේ විස්තර සහ ඖෂධවල ඉතිරිව ඇති ප්‍රමාණය පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස වෛද්‍ය සැපයීම් අංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලීමක් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම ඖෂධය ලබා ගත් සමාගමට වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 100කට වඩා වැඩි මුදලක් ගෙවා ඇති අතර රෝගීන්ට ලබාදුන් ඉමියුනොග්ලොබියුලින් කුප්පිවල අඩංගු වූයේ කුමක්දැයි වෛද්‍ය රසායනාගාරවලින් මෙතෙක් අනාවරණය වී නැත.

සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදි කියා සිටියේ, ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදුකර නොමැති බවය.

කෙසේ වෙත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය ඇමතිට දැනුම් දී ඇත්තේ, එම පරීක්ෂණ කටයුතු සඳහා කිසියම් කාල සීමාවක් අවශ්‍ය බවය.

එමෙන්ම Rituximab පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත වන එන්නතක් ව්‍යාජ WOR හෙවත් ඖෂධ අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් මගින් ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බව වාර්තා වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙම ඖෂධය එන්නත් 2,200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇති අතර එම ප්‍රමාණයෙන් 2,000කට වැඩි ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිතාකොට අවසන් බවත් එම එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 152කට මිලදීගෙන ඇති අතර සම්පූර්ණ තොගය සඳහා රුපියල් මිලියන 100කට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැය කර ඇති බවත්ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?