Latestදේශීය

සීනි ආනයන බද්ද ඉවතට – වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

ශත විසිපහේ බද්දට යටත් ව මෙරටට ගෙන්වනු ලැබූ සීනි, අද සිට නැවත වෙළෙන්දන්ගෙන් රජයට පවරා ගනු ලබන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමිනි.

මුදල් අමාත්‍යංශය විසින් පසුගිය දිනෙක සීනි සම්බන්ධව තිබු ශත විසිපහක බද්ද රුපියල් පනහක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනු ලැබිය. එම වැඩි කරන ලද රුපියල් පනහ තුළින් එහි වාසිය සීමිත වෙළඳුන් අතරට යනවා යැයි ද, එමඟින් වංචාවක් සිදුවනවා යැයි ද සම්බන්ධව රටේ විශාල කතා බහකට ලක් විය.

ඒ අනුව එකී තොග අවසන් වන තුරු වෙළඳ අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශයෙන්කරන ලද ඉල්ලීමකට අනුව පාරිභෝගික අධිකාරිය හරහා ඒ සඳහා පාලන මිලක් ලබා  දීමට කටයුතු කරනු ලැබිය.

නමුත් මේ වන විට මෙරට විශාල සීනි හිඟයක් දිගින් දිගටම වාර්තා වන බව සඳහන් කරන අමාත්‍යවරයා තොඟ වෙළෙන්දන් සීනි පවතින පාලන මිලට වැඩිය වැඩියෙන් විකිනීමට කටයුතු කිරීම මඟින් වෙළඳපොල තුළ සීනි කිලෝවක් රුපියල් තුන්සියයක් දක්වා සෑම ප්‍රදෙශයකින්ව වාර්තා වී තිබෙන බවත් මෙහි දී සඳහන් කළේය.

මේ සඳහා විසඳුමක් ලබා දීම උදෙසා තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව වූ ශත විසිපහ බද්ද යටතේ ගෙන්වන ලද්දා සීනි තොග නැවත රජයට පවරා ගෙන ලංකා සතොස, තෝරාගත් සමුපකාර හා අනිකුත් සුපිරි වෙළඳසැල් වලට ලබා දී පුරා මාසයක් තුළ රුපියල් දෙසිය හැත්තෑ පහක සීමාවකට යටත්ව සීනි අලෙවි කරන්නට වූ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එමඟින් මෙරට සීනි හිඟය නැති කිරීමටත්, අවශ්‍ය කරන සීනි ප්‍රමාණය ලංකා සතොස, තෝරාගත් සමුපකාර හා අනිකුත් සුපිරි වෙළඳසැල් හරහා බෙදාහැරීමට මෙම
වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

ඒ අනුව, එකී සීනි තොගය නැවත පවරාගැනීමෙන් පසු ව පාලන මිල අවශ්‍ය නොවනු ඇති බවත්, නැවත ගෙන්වනු ලබන්නේ රුපියල් පනහකට බද්දට යටත්ව ගෙන්වන ලබන සීනි බැවින් එකී පාලන මිල මෙම පාලන මිල යටතේ තැබීම නොගැලපෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ශත විසිපහේ බද්දට යටත් ව මෙරටට ගෙන්වනු ලැබූ සීනි, අද සිට නැවත වෙළෙන්දන්ගෙන් රජයට පවරා ගනු ලබන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?