Latestදේශීය

අයවැය පරාජය කරන්න විපක්ෂයට උවමනාවක් නැහැ – නාමල් රාජපක්ෂ

මෙවර අයවැය යෝජනා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ඡන්දය දීමෙන් වැලකී සිටි බව පවසයි.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් විසින් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

මෙවර ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකල නොහැකි ඒවා බවත් ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුලත් කර ඇති බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

අය වැය පරාජය කිරීමේ වගකීම ඇත්තේ විපක්ෂයට නමුත් ඔවුනට එසේ අයවැය පරාජය කිරීමේ උවමනාවක් නැතැයිද නාමල් රාජපක්ෂ පවසයි.

විශේෂයෙන්ම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩ පිලිවෙලක් මෙහි නොමැති බවත් මෙම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවත් උක්ත කරුණු කාරණා නිසා තමා අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වලකින බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?