Latestදේශීය

එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක්

එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව ඇත.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ මෙම නව නිලධාරී මණ්ඩලය තීරණාත්මක සාධකයක් වන අතර එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් මෙම නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් ද පැවරෙන බව සඳහන් වේ.

ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර ඇත්තේලබන වසරේ දී ජනාධිපතිවරණය  සහ මහ මැතිවරණය  දෙකම පැවැත්වෙන  බව ජනාධිපතිවරයා පවසා ඇතත්  එය කුමන කාලවකවානුවක පැවැත්වෙනවාද යන්න  සම්බන්ධයෙන් ඔහු නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?