Latestක්‍රීඩා

දෙවන තරගයේ ජයත් ඉන්දියාවට

ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ(26) පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 44ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 235ක් රැස්කරගත්තේය.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ Yashasvi Jaiswal පන්දු 25කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 53ක් රැස්කරගත්තේය.

Ruturaj Gaikwad ලකුණු 58ක් සහ Ishan Kishan ලකුණු 52ක් රැස්කරගමින් ඉන්දීය ලකුණු පුවරුව සවිමත් කළේය.

Nathan Ellis ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුලු 3ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට මුල සිටම ඉන්දීය පන්දුයවන්නන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවිය.

එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන්  Marcus Stoinis පන්දු 25කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 45ක් රැස්කරගත්තේය.

නොදැවී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා නායක Matthew Wade වේගවත් ලකුණු 42ක් රැස්කරගත්ත ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ Ravi Bishnoi සිය පන්දුවාර 4 තුළදී ලකුණු 32කට කඩුලු 3ක් දවාගත්තේය.

අනෙක් අන්තයෙන් ඔහුට සවියක් වූ Prasidh Krishna පන්දුවාර 4 තුළ ලකුණු 41කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

Arshdeep Singh, Axar Patel සහ Mukesh Kumar එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

පන්දුවාර 20 අවසානයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කරගතහැකිවූයේ ලකුණු 191ක් පමණි.

තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයද කඩුලු දෙකකින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?