Latestවිදේශීය

නිදහස් කළ ප්‍රාණ ඇප කරුවන් අතර සිව් හැවිරිදි දැරියක්

ඔක්තෝබර් 7 වනදා දකුණු ඊශ්‍රායලයට එල්ලවූ ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-අමෙරිකානු දැරියක් ඊයේ (26) මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර සිටින බව  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Avigail Idan නැමැති මෙම දැරියගේ දෙමාපියන්ට හමාස් සංවිධානයේ තුවක්කුකරුවන් විසින්   ප්‍රහාරයක් එල්ල කර ඔවුන්  ඝාතනය කිරීමෙන් පසු  ඇය ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඇයගේ ලොකු නැන්දා වන Liz Hirsh Naftali සහ ඇගේ ඥාති සොහොයුරිය වන Noa Naftali නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “Avigail ආරක්ෂිතව නිවසට පැමිණීම පිලිබඳ  කෘතඥතාව ප්‍රකාශ කිරීමට වචන නොමැති බවයි .

එමෙන්ම  මෙම දැරියව නිදහස් කර ගැනීමට සම්බන්ධ වූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් , කටාර් රජයට සහ අනෙකුත් අයට ස්තූතිය පළ කළ ඇති අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ද නිදහස් කරන ලෙස ද  ඇගේ ඥාතීන්  ඉල්ලා සිටිනවා.

 ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම “දැඩි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ” ප්‍රතිඵලයක් බවත් ඉදිරි දිනවලදී තවත් අමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්  ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

දිගින්  දිගටම ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් බලපෑම් කරමින් සිටින බවත් සෑම ප්‍රාණ ඇපකරුවෙකුම ඔවුන්ගේ ආදරණීයයන් වෙත ආපසු ලබා දෙන තුරු එම බලපෑම  නතර නොකරන බවත් ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රාණ ඇපකරුවන් 17 දෙනාගෙන් 14 දෙනෙකු ඊශ්‍රායල ජාතිකයින් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු තායි ජාතිකයන් වන බවයි සඳහන් වන්නේ.ඊශ්‍රායල ජාතිකයන්ගෙන් නව දෙනෙක් ළමයින් බවද  විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?